විදේශිය කාන්තාවකගෙන් රුපියල් 5000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් මිදිගම පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ සේවය තහනම් කර තිබෙනවා.
මෙම කොස්තාපල්වරුන් දෙදෙනා 2024.12.31 වැනි දින දිවා යතුරු පැදි සංචාරයේ යෙදි සිටියදි විදේශිය කාන්තාවකගෙන් රුපියල් 5000ක් අල්ලස් වශයෙන් ලබා ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.
අපකිර්ති දායක ලෙස හැසිරිම සහ දූෂිත ක්‍රියා සිදු කිරිම යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතා විසින් මෙලෙස ඔවුන්ගේ වැඩ තහනම් කර තිබෙනවා.