30.9 C
Colombo
Thursday, April 25, 2024

කොරෝනාවට එරෙහි බෙහෙත් කරලට බ්‍රිතාන්‍ය අනුමැතිය

- Advertisement -

කොවිඩ් 19ට එරෙහිව ඇමෙරිකාවේ ‘මර්ක්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ ‘මොනුපියර්වියර්’ ඖෂධයට පළමු අනුමැතිය බ්‍රිතාන්‍යයෙන් හිමිව තිබෙනවා.

‘මොනුපියර්වියර්’ වයිරස නාශක ඖෂධයක් වන අතර එහි අතුරු ආබාධ කිසිවක් නොමැති බවයි ‘මර්ක්’ සමාගම පෙන්වා දී ඇත්තේ.

එම ඖෂධය භාවිතයට ගැනීමෙන් පසුව යමෙකු ආසාදිත වුවහොත් ඔහුට බරපතල තත්වයක් ඇති නොවන බවත් රෝගීන්ට රෝහල්ගතවීමට සිදුනොවන බවත් ඔවුන් මරණයට පත්වීමට ඇති ඉඩකඩද අවම වන බව සියලුම සායනික පර්යේෂණවලින් තහවුරු වී ඇති බවත් ‘මර්ක්’ සමාගම පැහැදිලි කර සිටිනවා.

සායනික පර්යේෂණවලදී ‘කොවිඩ් 19’ රෝගීන්ට දිනකට දෙවරක්, කරල් 4 ක් බැගින්, දින පහකට ‘මොල්නුපියවියර්’ ලබා දීම සිදු කළ බවත් අදාල සමාගම පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක් වී, කිසිදු ලාභයක් අපේක්ෂා නොකර ‘මොනුපියර්වියර්’ කරල් දිළිඳු රටවලට ලබා දීමේ වැඩපිළිවෙළක් සැකැසීම කෙරෙහි ද මේ වනවිටත් ‘මර්ක්’ සමාගමේ අවධානය යොමු වී ඇති බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක් සියදිවි හානි කර ගනී

කුරුණෑගල - මාස්පොත ප්‍රදේශයේ ජාතික පාසලක විදුහල්පතිවරයෙකු සිය නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ, අවුරුදු 55 හැවිරිදි කුරුණෑගල - මරලුවාව ප්‍රදේශයේ පදිංචි...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...

සජිත් සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් අතර හමුවක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දෙපාරතමේන්තුවේ ප්‍රධානීන් පිරිසක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමග ජන සන්ධානයේ නියෝජිතයන් අතර, හමුවක් අද (25) පස්වරුවේ විපක්ෂ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...