30 C
Colombo
Thursday, January 16, 2025

තේ කූඩයට එක්වුණ කුඩය

- Advertisement -

තේ දළු නෙලන වතු කම්කරුවන්ට කුඩයක් හදුන්වා දිමට හොරණ වැවිලි සමාගම යටතේ පාලනය වන ස්ටොක්හොම් වතු යායේ වතු පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

එම කම්කරුවන් අව්වෙන් වැස්සෙන් පිඩාවට පත් නොවි පහසුවෙන් තේ දළු නෙලිම සදහා මෙම කුඩය හදුන්වා දුන් බව එම වතුයායේ වතු අධිකාරි නදීර ගුණසේකර මහතා පවසනවා.

වතු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ජේ.රොද්‍රිගෝ මහතා සහ වතු සමාගමේ සමාන්‍යාධිකාරි වසන්ත ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත තම වතුයායේ තාක්ෂණ නිලධාරින් සමග එක්ව නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම කුඩය හදුන්වා දුන් බව වතු අධිකාරිවරයා සඳහන් කර සිටියා.

jතු අධිකාරිවරයා කියා සිටියේ දැනටමත් වතු සමාගම විසින් තේ දළු නෙලන වතු කම්කරුවන්ට සැහැල්ලු බටවලින් සකස් කරන ලද තේ කුඩයක් ලබා දී ඇති අතර, එයට සමගාමිව මෙම කුඩය හඳුන්වා දුන් බවයි.

කුඩයට බඳ පටි සකස් කර ඇති අතර, එම කුඩය පැළඳ පහසුවෙන්ම තේ වත්තේ තේ දළු නෙලිමට පහසු බව සේවක්‍යින් පවසනවා.

එක කුඩයකට රුපියල් 1600ක පිරිවැයක් යොදා ඇති නමුත් මෙම කුඩ එහි සේවකයින්ට නොමිලේ ලබා දී තිබෙන බව‍යි පැවසෙන්නේ.

ඒ අනූව තේ දළු නෙලිමේ කටයුතු සාර්ථකව සිදු කිරිමට හැකි බවයි වතු අධිකාරිවරයා කියා සිටියා.

වතු කම්කරුවන්ට හඳුන්වා දුන් නව කුඩය සඳහා පේටන් බලපත්‍රයක් ලබාගැනිමට කටයුතු කරන බව එම වතුයායේ වතු අධිකාරි නදීර ගුණසේකර පවසනවා.

RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...