33 C
Colombo
Thursday, April 18, 2024

බීමතින් යකා නැටූ රාජ්‍ය ඇමතිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විරෝධය

- Advertisement -

නෙල්සන් මැන්ඩෙලා රීති‘ වලට අනුගතව සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම රජයක වගකීමක් වන බව එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ ප්‍රධානී හැනා සිංගර් – හැම්ඩි මහත්මිය පවසනවා.

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා විසින් නම් කරන ලද නියෝජිතයා වශයෙන් එක්සත් ජාතීන්ගේ මෙරට කණ්ඩායමට නායකත්වය ලබා දෙන එම කාර්‍යාලය මෙරට රජය සමඟ සමීපව කටයුතු කරමින් එක්සත් ජාතීන්ගේ පද්ධතියේ අවශ්‍යතා සහ නියෝගයන් වෙනුවෙන් පෙනී සිටිනවා.

පසුගියදා අනුරාධපුර බන්ධනාගාරයට ගිනි අවියක් අතැතිව ඇතුළු වූ රාජ්‍ය අමාත්‍යවරයෙක් ගිනි අවිය පෙන්වමින් සිරකරුවන්ට යම් හිංසනයක් පැමිණවීම පිළිබඳව අදහස් දක්වමින් හැනා මහත්මිය පවසන්නේ සිරගතව සිටින සියළුම දෙනාගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට සහ සිරකරුවන්ට අයුතු ලෙස සැලකීම හෙළා දැකීමට ඇති හැකියාව ශක්තිමත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කරන බවයි.

මේ අතර, අදාල සිදුවීම සිදුවූ බවට ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ සහතික කරන බවට අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. ජී. පොන්නම්බලම් මහතා පවසනවා.

තවද, දාල රාජ්‍ය අමාත්‍යවරයාව තනතුරෙන් බැහැර කර ඔහුව වහාම අත් අඩංගුවට ගන්න ලෙස TNA පක්ෂය රජයෙන් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකාව මානව හිමිකම් අර්බුදයකට මුහුණ දී ඇති අවස්ථාවක අදාල රාජ්‍ය අමාත්‍යවරයාගේ හැසිරීම රටම අවදානමක හෙළන්නක් බවට විද්වත් අදහස් පලවනවා.


RECENT ARTICLES - SINHALA

පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වුවන් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්

පාස්තු දින ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45 ට...

පරිසරයට හානි කරනවානම් මේ අංකයට කියන්න

පාරිසරික වැරදි සම්බන්ධව යම් තොරතුරක් වෙතොත් 1997 හෝ 1981 යන කෙටි දුරකථන අංක ඔස්සේ දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පරිසරය විනාශ කිරීම් සම්බන්ධව...

අවුරුදු ගීතය නිසා සුරාබදු නියාමකගේ වැඩ තහනම්

ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාගේ අවුරුදු ගීතයක් විකෘති කළ බවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ සුරාබදු නියාමකවරයාගේ වැඩ තහනම් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (17)...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...