32 C
Colombo
Tuesday, February 18, 2025

අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත් වෙලා

- Advertisement -

අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් සහ පලස්තීන සරණාගතයින්ට ආධාර සපයන ඒජන්සියෙන් ඉවත් කරගැනීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා.

ඒ ඊට අදාළ විධායක නියෝගවලට අත්සන් තබමින්.

පසුගිය ජනවාරි මාසයේදී ධුරයට පත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙවුණු සති කිහිපයක තුළ විවාදාත්මක තීරණ රැසක් ගැනීමට කටයුතු කළා.

අමෙරිකාව පැරිස් කාලගුණ සම්මුතියෙන් ඉවත් විම, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීම ඒ අතරින් ප්‍රමුඛයි.

මෙවන් පසුබිමක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකාව ඉවත් කරගැනීමට ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

සිය ප්‍රථම ධුරකාලයේදී එනම් 2018 වසරේ ජුනි මාසයේදීත්, අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත්කරගැනීමට ට්‍රම්ප් පියවර ගත්තා.

ඒ එම සංවිධානය මඟින් නුසුදුසු ජාතීන්ට රැකවරණය ලබාදෙන බව සහ ඊශ්‍රායලය කෙරෙහි නොනවතින පසමිතුරුකම් පෙන්වන බවට චෝදනා කරමින්.

කෙසේ වෙතත් නැවත එහි නිරීක්ෂකයෙක් ලෙස අමෙරිකාව 2021 වසරේදී එක්වුණේ එවක ජනාධිපති ජෝ බයිඩන්ගේ විධාන යටතේයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ පලස්තීන සහන ඒජන්සිය එනම් අනර්වා සංවිධානයට ආධාර ලබාදීම අත්හිටුවීමට අදාළ විධායක නියෝගයටත් ට්‍රම්ප් පසුගියදා අත්සන් තැබුවා.

ගාසා තීරය, බටහිර ඉවුර, ජෝර්දානය, ලෙබනනය, සහ සිරියාවේ ජීවත්වන පලස්තීන සරණාගතයන්ට සහන ලබාදෙන මෙම සංවිධානය පිහිටුවා ඇත්තේ 1950 වසරේදීයි.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරපු විදිය ගැන වෘත්තීය සමිති රැසකගේ අප්‍රසාදය

මෙවර අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට වෘත්තීය සමිති රැසක අප්‍රසාදය පළ කර තිබෙනවා. අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා...

වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ දිනවල දිවයිනේ පවතින අධික...

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

POPULAR ARTICLES