27.9 C
Colombo
Wednesday, May 14, 2025

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පේරාදෙණියට පොලු තියලා රට ගිහින්

- Advertisement -

ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ
පේරාදෙණිය  විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් 122ක් එම විශ්ව විද්‍යාලයට රුපියල් කෝටි 24ක පමණ මුදලක් ( 2022 දෙසැම්බර් 31 වනවිට) ගෙවීම පැහැර හැර ඇති බවයි.

අධ්‍යයන කටයුතු සඳහා විදේශ ගතවීමේදී එළැඹි ගිවිසුම් කඩකිරීම හේතුවෙන් ඔවුන්ගෙන් මෙම මුදල අයවිය යුතු  බව එම වාර්තාවේ දැක්වෙනවා.

අධ්‍යන කටයුතු සඳහා විදේශ ගතවීමේදී එළැඹි ගිවිසුම් කඩ කිරීමේ තත්වය ඉදිරියේදී වැළැක්වෙන ආකාරයෙන් කටයුතු කළ යුතු බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) එම විශ්වවිද්‍යාල බලධාරීන්ට පසුගියදා නිර්දේශ කර ඇති නමුත්

මේ තත්වය මේ දක්වාම නිවැරදි වී නැති බවයි  විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ අතර එම විගණන කාර්යාලය පවසන ආකාරයට විශ්ව විද්‍යාල  අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පනස් නව දෙනකු සඳහා අන්තර් පර්යේෂණ වාර්තාවක් හෝ අවසාන පර්යේෂණ වාර්තාවක් හෝ ගැනීමකින් තොරව පර්යේෂණ දීමනා ලෙස රුපියල් අට කෝටි තිස් හත් ලක්ෂයක මුදලක් ගෙවා තිබෙනවා. ඒ
පර්යේෂණ  කළමනාකරණ කමිටු අනුමැතියකින් ද තොරවයි.

2014 වර්ෂයේ නොවැම්බර් 1 වැනිදා සිට 2022 වර්ෂයේ අගෝස්තු 31 වැනිදා  දක්වා
කාලයේදී මෙම ගෙවීම් සිදුකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කෙහෙළියගේ නඩුව විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

මතභේදාත්මක හියුමන් ඉමියුනිග්ලොබියුලින් ප්‍රතිශක්තිකරණ ඖෂධ ​​මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවට අදාළව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා. නීතිපතිවරයා අගවිනිසුරුවරියගෙන් කළ ඉල්ලීමක් සලකා...

කුඩු බෙදපු අය ගැන පොලීසියට කිව්වේ නැත්තේ ඇයි? චතුරංගට චෝදනාවක්

පැවති පළාත් පාලන මැතිවරණයට පෙර විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් ආධාරකරුවන්ට  මත්ද්‍රව්‍ය බෙදා හැරි බවට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා මෑතකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී...

වෙන්නප්පුව මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයෙක් මරුට: තිදෙනෙක් අතුරුදන්

වෙන්නප්පුව මුහුදු දියනෑමට ගිය පිරිසක් අතුරින් අයෙකු දියේ ගිලී මිය ගොස් ඇති අතර තිදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන් වී ඇත්තේ, නුවරඑළිය බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි...

POPULAR ARTICLES

කෙහෙළියගේ නඩුව විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

මතභේදාත්මක හියුමන් ඉමියුනිග්ලොබියුලින් ප්‍රතිශක්තිකරණ ඖෂධ ​​මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවට අදාළව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා. නීතිපතිවරයා අගවිනිසුරුවරියගෙන් කළ ඉල්ලීමක් සලකා...

ට්‍රම්ප්, සෞදිය සමඟ ඩොලර් බිලියන 142ක අවි ගනුදෙනුවකට අත්සන් තබයි

ඇමරිකා එක්සත් ජනපදය සහ සෞදි අරාබිය අතර ඇමරිකානු ඩොලර් බිලියන 142 කට ආසන්න වටිනාකමකින් යුතු ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර  තිබෙනවා. ධවල මන්දිරය මෙය හඳුන්වා ඇත්තේ,...