32 C
Colombo
Friday, April 19, 2024

ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය බයිඩන්ගේ ඉල්ලීම ඉවතදමයි

- Advertisement -

ජෝ බයිඩන් පරිපාලනය ටෙක්සාස් ෆෙඩරල් අධිකරණය ලබාදුන් තීන්දුවට අනුකූලව කටයුතු කළ යුතු යැයි ඇමෙරිකා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය අඟහරුවාදා නියෝග කළේය.

දේශපාලන සරණාගතයන් සම්බන්ධයෙන් කෙරෙන නඩු විභාග අවසන් වී අවසාන තීන්දුව ගන්නා තෙක් එම පිරිස් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පිටත තැබිය යුතු යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස ධුරය දැරූ සමයේ දී ප්‍රතිපත්තියක් ගෙනාවේය.

එම ප්‍රතිපත්තිය තහවුරු කරමින් ටෙක්සාස් ෆෙඩරල් අධිකරණය තීන්දුවක් ද දුන්නේ ය.

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට බයිඩන් පරිපාලනය තීරණය කළ අතර ටෙක්සාස් ෆෙඩරල් අධිකරණයේ තීන්දුවට එරෙහිව ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයට බයිඩන් පරිපාලනය අභියාචනයක් ඉදිරිපත් කළේය.

මේ අනුව ටෙක්සාස් ෆෙඩරල් අධිකරණයේ තීන්දුව අත්හිටුවන්නැයි බයිඩන් පරිපාලනය ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

කෙසේ නමුත් ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය බයිඩන් පරිපාලනයේ ඉල්ලීම ඉවත දමා ඇති අතර ඔවුන් ටෙක්සාස් ෆෙඩරල් අධිකරණයේ ඉල්ලීමට අනුකූල විය යුතු යැයි අඟහරුවාදා (24) නියෝග කළේය.

නඩු විභාග අවසන් වනතෙක් දේශපාලන සරණාගතයන් ඇමෙරිකානු භූමියෙන් පිටත සිටිය යුතු යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රතිපත්තිමය තීරණය සංක්‍රමණික ආරක්ෂණ ක්‍රියාපටිපාටි (මයිග්‍රන්ට් ප්‍රොටෙක්ෂන් ප්‍රොටොකොල්ස් (Migrant Protection Protocols (MPP)) යනුවෙන් හැඳින්විණි.

මෙය සරල ව්‍යවහාරයේ “රිමේන් ඉන් මෙක්සිකෝ” යනුවෙන් හැඳින්විණි.

මෙම ප්‍රතිපත්තිය අත්හිටුවීමට බයිඩන් පරිපාලනය සාධාරණ සහ ප්‍රමාණවත් හේතු ඉදිරිපත් කර නැතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ දිස්ත්‍රික් විනිසුරුවරයකු වන මැතිව් කැච්මාර්ක් මේ මස මුලදී පැවැසීය.

එමෙන්ම දේශපාලන සරණාගතයන් රට තුළට පැමිණීමේ ක්‍රියාපටිපාටි නිත්‍යනුකූල නැති බව ද හෙතෙම කීය.

ශ්‍රේෂ්ඨාකරණයේ නව තීන්දුවත් සමඟ කලින් පැවැති ආකාරයටම තමන් සම්බන්ධයෙන් අවසන් තීන්දුව ලැබෙන තෙක් දේශපාලන සරණාගතයන්ට මෙක්සිකෝවෝ රැඳී සිටීමට සිදුවනු ඇත.

බයිඩන් පරිපාලනය, හිටපු ජනාධිපති ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය තීන්දුව සහ එම වැඩසටහන නිල වශයෙන් අවසන් කිරීමට ඉකුත් ජූනි මාසයේ දී පියවර ගත්තේය.

එම තීරණයට අභියෝගයට ලක් කරමින් ටෙක්සාස් සහ මිසුරි යන ප්‍රාන්ත අධිකරණයට ගිය අතර ඒ අනුව ට්‍රම්ප් පරිපාලනයේ ගත් ප්‍රතිපත්තිය තීන්දුව සහ එම වැඩසටහන නැවත ක්‍රියාත්මක කළ යුතු යැයි දිස්ත්‍රික් විනිසුරුවරයකු වන මැතිව් කැච්මාර්ක් නියෝග කළේය.

බයිඩන් පරිපාලනය ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ එම තීන්දුව අභියෝගයට ලක් කරමිනි.

කෙසේ නමුත් ෆෙඩරල් අධිකරණයේ තීන්දුවට එරෙහිව නැවත අභියාචනයක් ඉදිරිපත් කරන බව ඇමෙරිකාවේ ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව (ඩී.එච්.එස්) ප්‍රකාශ කර ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ වැඩසටහන යහපත් අරමුණින් නැවත ක්‍රියාවට නංවන බවත් මේ වනවිටත් මෙම වැඩසටහන ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙක්සිකානු රජය සමඟ සාකච්ඡා කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඉහත කී වැඩසටහන යටතේ සංක්‍රමණිකයන් සහ දේශපාලන සරණාගතයන් 71,000කට අධික සංඛ්‍යාවක් මෙක්සිකෝවට නැවත හරවා යවා ඇත.

ඔවුන්ගෙන් 1,544 දෙනකුට මිනීමැරුම්, ලිංගික ප්‍රචණ්ඩත්වය යනාදි හෝ වෙනත් ආකාරවල හෝ චෝදනා එල්ල වී ඇති බවත් මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කර ඇති ලාභ නොලබන සංවිධානයක් වන හියුමන් රයිට්ස් ෆස්ට් සංවිධානය ප්‍රකාශ කර ඇත.

අදාළ වැඩසටහන අවසන් කිරීමේ දී බයිඩන් පරිපාලනය හිතුවක්කාරී, අභිමතානුකූලව සහ අත්තනෝමතිකව කටයුතු කර ඇතැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.

ට්‍රම්ප් පරිපාලනය තරණ සංක්‍රමණිකයන්ට ආරක්ෂාව දීමට ප්‍රතික්ෂේප කිරීම ද ඊට උදාහරණයක් බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබේ.

නීතිවිරෝධීව ඇමෙරිකාවට ඇතුළුවන දරුවන පිටුවහල් නොකර ඔවුන්ට ආරක්ෂාව ලබාදීමට ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන බැරැක් ඔබාමා පියවර ගෙන තිබිණි.

එම තීරණය වෙනස් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ කළ ද ශ්‍රේෂ්ඨාධිකරණයට ඊට එරෙහිව තීන්දුවක් දුන්නේ ය.

මෙම නඩු විභාගයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුවක් පූර්වාදර්ශයක් සහ උදාහරණයක් ලෙස පෙන්වාදුන්නේ ය.
එලෙස නීතිවිරෝධීව ඇමෙරිකාවට ඇතුළු වන දරුවන් ‘ඩ්‍රීමර්ස්’ යනුවෙන් හැඳින්වේ.

මෙම තීරණයත් සමඟ ඇමෙරිකාව මෙක්සිකෝවට කොතරම් පීඩනයක් එල්ල කරනු ඇත්ද යන්න මේ වනවිට ඇති වී තිබෙන වැදගත්ම ප්‍රශ්නය යි.

එම්.පී.පී. සංක්‍රමණිකයන් නැවත බාරගන්න යැයි මෙක්සිකෝවට බලපෑම් කිරීමට ඇමෙරිකාවට සිදු වේ.

මෙක්සිකෝව ඇමෙරිකාවේ ඉල්ලීම් නොසලකා හැරියහොත් පීඩන ගණන් නොගතහොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අර්බුදයකට යනු ඇත.

අනෙක් ගැටලු සහගත කරුණු සම්බන්ධයෙන් කතා නොකිරීම සඳහා බයිඩන් සංක්‍රමණික ගැටලුව භාවිත කළහොත් ඔහුත් ට්‍රම්ප් හා සමාන වනු ඇත.

එයින් සිදුවන්නේ රට තුළ පවතින ගැටලු තවදුරටත් උග්‍ර වීම පමණි.

RECENT ARTICLES - SINHALA

සේවකයන් නඩු දැම්මත් පනත හකුලන්නේ නැහැ – කංචන

විදුලි සේවකයන් 24,000 නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත්, වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත්, විදුලිබල...

ඔටාවා ඝාතකයා ඇප එපා කියලා

කැනඩාවේ ඔටාවා නගරයේදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයා මේ අවස්ථාවේ ඇප ඉල්ලීමට බලාපොරොත්තු නොවන බව...

අපරාධ කරලා හැංගිලා ඉන්න පුළුවන් සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ – සිරිල් ගාමිණී පියතුමා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර සොයාගත් තොරතුරු රැසක් මුලාශ්‍ර සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ බව සිරිල් ගාමිණී පියතුමන් පවසනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...