30 C
Colombo
Thursday, January 16, 2025

විදුලි ගාස්තු අඩු කිරීම ගැන උපයෝගීතා කොමිසම කියයි

- Advertisement -

විදුලි ගාස්තු 10%ත් 20%ත් අතර පරාසයකින් අඩු කිරීමේ හැකියාව පවතින බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව, විදුලි ගාස්තු අඩු කළ නොහැකි බවට විදුලිබල මණ්ඩලය කළ යෝජනාවට ප්‍රතියෝජනාවක් එම කොමිසම ප්‍රකාශයට පත් කර තිබෙන අතර, ඒ සඳහා ලිඛිත අදහස් ඉදිරිපත් කිරීමට මහජනතාවට අද සිට අවස්ථාව ලබාදී තිබුණා.

වසරකට සිව්වරක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ ප්‍රතිපත්තිය අනුව මේ වසරේ අවස්ථා දෙකකදී විදුලි ගාස්තු සංශෝධනය කෙරුණා.

ඒ මාර්තු මාසයේ 21.9%ක් ලෙස හා ජූලි මාසයේ 22.5%ක් ලෙසයි.

මෙම වසරේ සිදු කළ යුතු තුන්වැනි විදුලි ගාස්තු සංශෝධනය වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය සිය යෝජනා ඉකුත් ඔක්තෝබර් මස අගදී මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කර තිබුණා.

එමගින් විදුලි ගාස්තුව 6%ත් 11%ත් අතර ප්‍රතිශතයකින් පහළ දැමීමට ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබුණත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව එම යෝජනාවලිය පිළිගත්තේ නැහැ.

එම යෝජනාවලියට පාදක කර ගත් ක්‍රමවේදය සම්බන්ධ දෝෂ කිහිපයක් ඇති අතර, පවතින තත්ත්වය අනුව ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කළ හැකි බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව පැවසුවේ.

එවන් පසුබිමක ලංකා විදුලි බල මණ්ඩලයේ නව විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ඉකුත් 6 වැනිදා මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කර තිබූ නමුත් මින් පෙර දක්වා තිබූ විදුලි ගාස්තු අඩු කිරීම එම යෝජනාවලියෙන් ඉවත් කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලය එමගින් දක්වා ඇත්තේ පවතින විදුලි ගාස්තුව, සංශෝධනයකින් තොරව ඉදිරි මාස 6ක කාලය සඳහා ද පවත්වාගෙන යා යුතු බවයි.

කෙසේ වෙතත් පවතින තත්ත්වය යටතේ විදුලි ගාස්තුව සියයට 10ත් 20ත් අතර පරාසයකින් පහළ දැමීමේ හැකියාව පවතින බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව, විදුලි ගාස්තු අඩු කළ නොහැකි බවට විදුලිබල මණ්ඩලය කළ යෝජනාවට ප්‍රතියෝජනාවක් එම කොමිසම ප්‍රකාශයට පත් කර තිබෙන අතර ඒ සඳහා ලිඛිත අදහස් ඉදිරිපත් කිරීමට ජනතාවට අද සිට අවස්ථාව ලබාදී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

Breaking: දුමින්දව ආයෙත් හිර‍ කූඩුවට

මරණීය දණ්ඩනය නියම වූ දුමින්ද සිල්වා නැවතත් වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියක් වෙත රැගෙන ගොස් තිබෙනවා. පසුගිය ජනවාරි 10 වෙනිදා දුමින්ද සිල්වා, වැලිකඩ බන්ධනාගාර...

POPULAR ARTICLES

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...

පොඩි ලැසී අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හැඳින් වෙන පොඩි ලැසී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඉන්දියාවේ මුම්බායි හිදී යි. ඒ සම්බන්ධයෙන් මෙරටට දැනුම්දී ඇති බව...