24 C
Colombo
Saturday, March 25, 2023

වැක්සින් ක්‍රියාවලිය අර්බුදයක. කප්රුක මුදලාලිටත් ගහලා.

- Advertisement -

ඉන්දියාවෙන් මෙරටට ලැබුණු කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැක්සීනය ප්‍රසිද්ධ අන්තර්ජාල භාණ්ඩ ව්‍යාපාරයක් වන ‘කප්රුක’ ආයතනයේ හිමිකරුද ලබාගෙන තිබෙනවා.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ තමන් කොවිඩ් වැක්සීනය ලබාගත් බවයි.

රජයේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ අදාල එන්නත ලබාදීමේ පිළිවෙල පිළිබදව මේ වන විට ගැටළු රාශියක් උද්ගතව ඇති බව News 19 හට වාර්තා වනවා.

ආරම්භක අවධියේ එය නිසි ක්‍රමවේදයක් අනුව සිදුවුවද මේ වන විට කිසිදු ප්‍රමුඛතා ලැයිස්තුවකින් තොරව හිතුමනාපයට ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවට ජනතාව චෝදනා කරනවා.

තවමත් පාසල් ගුරුවරුන්ට හෝ පාසල් දරුවන්ට ලබානොදුන්නද ඇතැම් ව්‍යාපාරිකයන්, පූජ්‍ය පක්ෂය, ක්‍රීඩකයන්, දේශපාලඥයින් වැනි පුද්ගලයන් හට වැක්සීනය ලබාදී තිබීම නොමිලයේ ලැබෙන වැක්සීන ක්‍රියාවලිය අයාලේ යැවීමක් බවට වෘත්තීය සමිති නායකයන් පෙන්වා දෙනවා.

‘කප්රුක’ ව්‍යාපාරයේ හිමිකරු පිළිබදව පළමු කොරෝනා රැල්ල අවස්ථාවේදීද දැඩි කතාබහකට ලක්වුණා.

ඒ පාලන මිලක් පැවති සමයේ තම අන්තර්ජාල ව්‍යාපාරය හරහා වැඩිමිලට භාණ්ඩ අලෙවි කරතිබීමේ සිදුවීමක් සම්බන්දයෙන්.


RECENT ARTICLES - SINHALA

ඉන්දීය ණයෙන් කොටසක් IMF පළමු වාරිකයෙන් ගෙවයි

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු මුදලෙහි පළමු වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් දසලක්ෂයක් ගෙවා අවසන් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...

සංචාරකයින්ගේ පැමිණීමේ වෙනසක්

මෙම වසරේ පළමු මාස තුන තුළ මේ වන විට විදේශීය සංචාරකයන් 3,30,000ක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා  සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

හරක් කටා නිසා සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට  විරෝධතාවයක්

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා. ඒ, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...