ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් සහ ගැනුම් අගය පසුගිය සතියේ සමඟ සසඳන විට තරමක් වැඩි වී තිබෙනවා.
ඒ අනුව අද (25) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අගය සටහන් වී ඇත්තේ රුපියල් 318. 51 ක් ලෙසයි.
මීට අමතරව අමෙරිකානු ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 329.77 ක් ලෙස සටහන් වී ඇති අතර සිකුරාදා දිනයේ එම අගය 329.55ක් ක් ලෙස සටහන් වූ බව වාර්තා වනවා.