30 C
Colombo
Saturday, October 5, 2024

වාහන ගෙනත් දාපු ආයතනවලටම ආයේ දීලා

- Advertisement -

පසුගිය සමයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට භාරදීම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලය අසළ එම වාහන නවතා තිබූ පරිශ්‍රයේ දී සිදු වුණා.

ඒ අනුව, අද වාහන 19ක් නිදහස් කිරීමට කටයුතු කෙරුණු අතර, එයින් වාහන 15ක් පමණ පූර්ව දැනුම් දීමකට අනුව එම ස්ථානයට පැමිණි අදාළ ආයතනවල නිලධාරීන් අද දිනම රැගෙන යනු ලැබුවා.

මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබාගත් වාහන 08ක්, මුදල් අමාත්‍යාංශයෙන් ලබාගත් වාහන 03ක්, දකුණු පළාත් සභාවෙන්, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයෙන් සහ වනජීවි දෙපාර්තමේන්තුවෙන් ලබාගත් වාහන 01 බැගින් සම්පූර්ණ වාහන 15ක් අද දින මෙලෙස ආදළ ආයතනවලට නැවත ලබාදීම සිදු වුණා.


RECENT ARTICLES - SINHALA

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

පිරිවෙන් සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. අද දිනයේ දී එම ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව, විභාග...

RMV ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

බස් රථ 03ක පරම අයිතිය අයිතිකරු වෙත පවරාදීම සඳහා රුපියල් ලක්ෂ 03ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු...

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල මණ්ඩලයේ...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...