25 C
Colombo
Monday, October 14, 2024

ඥානසාර හිමිට එරෙහි තීන්දුව 14වැනිදා

- Advertisement -

ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කොට ආගමික සංහිඳියාවට බාධා කළ බවටචෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ නායක ගලබඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පැවරූ නඩුවේ තීන්දුව නොවැම්බර් 14 වැනි දින ලබාදෙන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (26)නියෝග කළා.

පැමිණිල්ල ඉදිරිපත් කර ඇති චෝදනාව සනාථ කිරීම සඳහා වන සාක්ෂි ඉදිරිපත් ව නොමැති හෙයින් විත්තිකරු නිදහස් කරන ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණි අල්විස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

2016 ජූලි මස අටවෙනි දින කිරුළ පන පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකින් ආගමික සංහිඳියාව බිඳියාන ආකාරයෙන් කටයුතු කර ඇති බවත්,ඒ අනුව දණ්ඩ නිති සංග්‍රහයේ 291( ආ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබුණා.

පැමිණිල්ල වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය පෙනී සිටියා.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නොවැම්බර් 14 වැනි දින තීන්දුව ලබාදෙන බව නියෝග කළා.


RECENT ARTICLES - SINHALA

කටුකුරුන්දේ දුම්රිය අනතුර සියදිවි නසාගැනීමක් බවට අනාවරණයක්

කළුතර කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී තිදෙනෙකුට දිවි අහිමි කරමින් ඊයේ (12) රාත්‍රියේ සිදුවූ දුම්රිය අනතුර සියදිවි නසා ගැනීමක ප්‍රතිඵලයක් බවට පොලීසියට තොරතුරු අනාවරණ වී තිබෙනවා. පොලීසිය...

මාලිමාවෙන් පාර්ලිමේන්තුවට රත්නපුරෙන් එන අය මෙන්න

මෙවර මහමැතිවරණය සදහා ජාතික ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් 14 දෙනෙකු ඉදිරිපත්වි තිබෙනවා. ඒ අනුව, අපේක්ෂකයින් පසුගිය 11 වැනිදා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී නාමයෝජනා භාර...

තවත් චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැක කෙරෙන චීන ජාතිකයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වැලිකඩ, කෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

එළවළු සහ මාළු මිල ගණන් පහළට

0
මේ දිනවල සියලු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිලෙහි මෙන්ම මත්ස්‍ය මිල ගණන් ද සීඝ්‍රයෙන් පහත බැස ඇති බවයි වෙළෙදුන් පවසනවා. වැඩි එළවළු අස්වැන්නක් ලැබීම හේතුවෙන් වෙළඳපොල...

බස්නාහිර පළාතේ පාසල් කිහිපයක් වසා දැමේ

පවතින අයහපත් කාලගුණයේ හේතුවෙන් බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් කැලණිය සහ මීගමුව අධ්‍යාපන කලාපවල පාසල් හතරකට හෙට (14) දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා. අනුව කැලණිය මහා...