24 C
Colombo
Sunday, November 3, 2024

පාස්කු ප්‍රහාරයේ වාර්තා ප්‍රසිද්ධ කිරීමට ගම්මන්පිළ සූදානම්

- Advertisement -

පාස්කු ප්‍රහාරය පිළිබඳව දැනට ප්‍රසිද්ධ කර නොමැති ජනාධිපති විමර්ශන වාර්තා දෙක ඉදිරි සතිය තුළ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියට පත් නොකරන්නේ නම් තමන් ඒවා ප්‍රසිද්ධ කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

එම වාර්තා අස්ථානගතවීමට ලක්ව හෝ පිටු ගැලවීමකට ලක්වී ඇති බවට පලවන වාර්තා අසත්‍ය බව ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අද (14) ඔහු සඳහන් කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ගම්මන්පිල මහතා ,

කිසිම වාර්තාවක් නැති වෙලාත් නෑ. පිටු අඩු වෙලාත් නෑ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් තිබුණු ජනාධිපති කොමිසමේ වාර්තාවේ ජාතික ආරක්ෂාවට සංවේදි කොටසක් ප්‍රසිද්ධ නොකිරීමට කොමිසම නිර්දේශ කරලා තිබුණු නිසා ඒ කොටස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණේ නෑ. නමුත් ඒ කොටසේ තමයි මහ මොලකරු ගැන තිබෙන්නේ. ඒ නිසා ඒකත් ප්‍රසිද්ධ කළ යුතුයි කියලා එදා විපක්ෂයේ සිටිය මාලිමාව වගේම කතෝලික පල්ලියට සම්බන්ධ සමහරු ඉල්ලා සිටි නිසා ඒ සංවේදි කොටසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි මහජන ආරක්ෂක ඇමතිතුමා කතෝලික රදගුරු සභාවේ සභාපති හැරල්ඩ් ඇන්තනි රදගුරුතුමාට බාර දුන්නා. ඒ කොටස් වලින් මහ මොලකරු සොයා ගන්න නම් බැරි වෙලා තිබෙනවා. ඒ වාර්තාවේ ප්‍රසිද්ධ නොකළ කොටස ගැන නම් විජිත හේරත් ඇමතිතුමා කතා කරන්නේ ඒක දැන් ජනාධිපති ලේකම්ගෙන් ඉල්ලා ගන්නත් පුළුවන්. නැතිනම් හැරල්ඩ් ඇන්තනි රදගුරුතුමාගෙන් ඉල්ලා ගන්නත් පුළුවන්.

අපි වගේම කතෝලික පල්ලියත් ආණ්ඩුවට ප්‍රසිද්ධ කරන්න කියලා ඉල්ලන්නේ දැනටමත් ප්‍රසිද්ධ කරපු ජනක් ද සිල්වා වාර්තාව නොවේ. දැනට ප්‍රසිද්ධ නොකරපු එස් අයි ඉමාම් වාර්තාවයි, ඒ එන් ජේ ද අල්විස් වාර්තාවයි ප්‍රසිද්ධ කරන්න කියලා අපි කියන්නේ. විශ්‍රාමික විනිසුරු එස් අයි ඉමාම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව 2024 ජූනි 25 දාත්, විශ්‍රාමික විනිසුරු ඒ එන් ජේ ද අල්විස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව 2024 සැප්තැම්බර් 14ත් හිටපු ජනාධිපතිතුමාට බාර දුන්නා. මෙන්න මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න. කතෝලික පල්ලියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ඇන්තනී පියතුමන් පුන පුනා කියන්නේ මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න කියලයි. ඒ වාර්තා ප්‍රසිද්ධ කරන්න බැරි වෙලා තිබෙන්නේ ඔබතුමා කියන ආකාරයට පිටු වගයක් අඩුවීම නම් අඩු පිටු ටික මට කියන්න. ඒ පිටු ටික මම දෙන්නම්. මොකද ඔබතුමාලාට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වගේම නීතිපති දෙපාර්තමේන්තුවෙන් සොයා ගන්න බැරි වුණු වාර්තා දෙක අපට ලැබිලා තිබෙනවා. අපි ඒක ප්‍රසිද්ධ නොකරන්නේ ජනාධිපතිතුමා පත් කළ කමිටුවක වාර්තාවක් තුන්වන පාර්ශවයක් විසින් ප්‍රසිද්ධ කිරීම සදාචාරාත්මක නැති නිසා.

මෙවැනි සංවේදී කරණයක් පිළිබදව අපිට තවත් බලා ඉන්න බෑ. ආණ්ඩුව හරියටම දින හතක් ඇතුලත මේ වාර්තාව ප්‍රසිද්ධ කලේ නැති නම් මම ඒ වාර්තාව ප්‍රසිද්ධ කරනවා කියන අනතුරු ඇගවීම අපි කරනවා. මේ වාර්තාව ප්‍රසිද්ධ කල පසු අනුර පානයෙන් මත් වෙලා ඉන්න ජනතාවකට සිහි එළවා ගන්න හැකි වේවි කියලා අපි හිතනවා.වාර්තා මගේ ලගයි කියලා රෑට මගේ කාර්යාලය කඩන්න සැලැසුම් කරන්න එපා. මොකද අපි ඒ සමස්ථ වාර්තා දෙකම ස්කෑන් කරලා එහි පිටපත් රහසිගතව අන්තර්ජාලයේ තැන්පත් කරලයි තියෙන්නේ.

RECENT ARTICLES - SINHALA

අස්වැසුමෙන් අසාධාරණයට ලක්වු පිරිස ගැන හොයන්න කමිටුවක්

අස්වැසුම සමාජ සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනින් අසාධාරණයට ලක්වූ පිරිස් පිළිබඳ සොයා බැලීමට දස පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා. ඒ, විෂයභාර අමාත්‍ය විජිත හේරත් මහතාගේ...

ඡන්ද කාඩ් බෙදන්න අද විශේෂ දිනයක්

2024 මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිම් විශේෂ දිනයක් ලෙස අද (03) දිනය සලකනු ලබන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. අද උදෑසන 8 සිට...

අදත් ලොකු වැස්සක්

මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (03) මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, දිවයිනේ...

POPULAR ARTICLES

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස් එකේද? – රනිල්

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තේරිම ජනතාවට අයිති වැඩක් බවත්, පාර්ලිමේන්තු සුද්ද කරනවා යනුවෙන් තර්ජනය කිරීම අගමැතිනියට යුතු නොවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවරදී...

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ලොහාන්ට අමාත්‍ය ධූරයක්

0
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (31) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණා. එහිදී මාධ්‍යවේදීන් මේ වන...

ඇල්පිටියෙන් හමු වූ රු මිලියන 50ක අම්බර්

ශ්‍රී ලංකාව අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලෙන් ලබා ගන්නා අම්බර් තොගයක් රුපියල් මිලියන 50ක මුදලකට විකිණීමට උත්සාහ කළ සැකකරුවන් පිරිසක් ඇල්පිටිය...