25 C
Colombo
Friday, March 29, 2024

මගේ ගෙදර බිත්ති පුපුරලා, වහලවල් කැඩිලා, සිවිලිම් කැඩිලා – මෛත්‍රිපාල

- Advertisement -

තමන් ජනාධිපති ධූරයෙන් ඉවත්වීමට පෙර කොළඹින් නිවාස තුනක් එක් කර තනි නිවාසයක් සාදාගත් බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සිදුකළ චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ඊයේ (11) පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා සඳහන් කළේ තමන් විස්කි බිබී ඇමතිවරුන් සමඟ ආණ්ඩු කළ බවට මහින්දානන්ද මහතා සිදුකල චෝදනාවද තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

තමන් කිසිසේත් මත්පැන් භාවිතා නොකරන බවත් මත්ද්‍රව්‍ය නිවාරණයට දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී පෙන්වා දුන්නා.

තමන්ට හිමිවූයේ එකල ජනමාධ්‍ය අමාත්‍යවරයාව සිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිටි නිල නිවස බවත් එය ගෙවල් එකක් එක්කර තනි නිවාසයක් බවට පත්කර ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය ඩී.බී. විජේතුංග මහතාගේ කාලයේ බවත් මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී සදහන් කළා.

ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ එම නිවසද පිටතින් අලංකාරව දිස්වුවද ඇතුළතින් බිත්ති පුපුරා, වහලය හා සිවිලිම කැඩී දිරාපත්ව ඇති ගෙයක් බවයි.

ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීමට කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම නිවසට අලුතින් කොටසක් එක්කර තිබුණද තමන් එය ගලවා ඉවත් කළ බවද මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව අමතමින් සදහන් කළා.

ඊට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...