24 C
Colombo
Sunday, January 19, 2025

දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව ඉහළට

- Advertisement -

පසුගිය 16 වන දින සිට උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වලට පසුගිය දිනවල ඇද හැළුණු අධික වර්ෂාව හමුවේ දිවයිනේ ප්‍රධාන සහ මධ්‍යම ජලාශ බොහෝ ප්‍රමාණයක වාන් දොරටු විවෘත කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, දිවයිනේ ප්‍රධාන ජලාශ 73න් 31ක් මේ වන විටත් වාන් දමමින් පවතින බවයි.

දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව අනුව අම්පාර දිස්ත්‍රික්කයේ 72%ක්, අනුරාධපුර, හම්බන්තොට සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල 90%ක්, ගාල්ල, මහනුවර, පුත්තලම දිස්ත්‍රික්කවල 98%ක්, මොණරාගල, පොළොන්නරුව සහ මන්නාරම දිස්ත්‍රික්කවල 80%ක්, බදුල්ල දිස්ත්‍රික්කය 68%ක්, මඩකළපුව දිස්ත්‍රික්කය 63%ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 76%ක්ද වශයෙන් සටහන් වන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

ඒ අනුව දිවයිනේ ප්‍රධාන ජලාශවල සමස්ත ජල ධාරිතාව 80.2% දක්වා ඉහළ නැග තිබෙනවා.

දිවයිනේ වාන් දමන ජලාශ තවදුරටත් අඩු හෝ වැඩි වශයෙන් පවතින බැවින් මෙම වාන් ජලය නිකුත් කරන ජලාශ ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාවට නිරන්තර ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විසින් නිකුත් කරන නිවේදන සම්බන්ධව අවධානය යොමු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.  

RECENT ARTICLES - SINHALA

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව...

POPULAR ARTICLES