27 C
Colombo
Saturday, March 22, 2025

ද. අප්‍රිකා මැච් එකට කලින් බීපු සිංහ පෝතකයෝ 5 දෙනා කවුද ?

- Advertisement -

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තරඟයට පෙර දින රාත්‍රියේ ශ්‍රී  ලංකා කණ්ඩායාමේ ක්‍රීඩකයන් පස් දෙනෙකු එක්වී මත් පැන් සාදයක් පවත්වා ඇති බවට පුවතක් ‘The Morning’ පුවත්පත වාර්තා කරනවා.

ප්‍රමුඛ පෙළේ පිතිකරුවන් තිදෙනෙක්, වේග පන්දු යවන්නෙක්, ලෝක ප්‍රකට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් හෝටල් කාමරයකට එක් වී මෙලෙස මත්පැන් පානය කර ඇති බව අදාළ වාර්තාවේ සඳහන්.

එමෙන්ම,  කණ්ඩායමට අලුතින් පත් කරන ලද සහකාර පුහුණුකරුවෙකු සහ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩක කළමනාකරුවෙකුද මෙම සාදයට සහභාගී වී ඇති බව පැවසෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට බලධාරීන්ට අවශ්‍ය වී තිබුණද , වත්මන් ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු එසේ නොකරන ලෙස ඔවුන්ට උපදෙස් දී ලබා දී ඇති බවද අදාළ පුවත්පත් වාර්තාවේ සඳහන්.

පසුගිය ජූනි 03 වනදා පැවැත්වුණු ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තරඟය කඩුලු 06 කින් ජය ගැනීමට  දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණේ, ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත අසරණ කරමින්.  

එමෙන්ම, මෙවර 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්වීමට  ශ්‍රී ලංකාව සිදු වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක මූලික වටයෙන් ඉවත් වූ පළමු අවස්ථාව මෙය වන අතර මේ හේතුවෙන් වත්මන් ජාතික ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි දෝශ දර්ශනයට ලක් වුණා.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, පොලිස්පතිවරයා මේ වනවිට පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ...

ගණේමුල්ල සංජීව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ බවට සැකපිට ඊයේ (21) තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,  කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්...

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

POPULAR ARTICLES

හීත්‍රෝ ගුවන් ගමන් යළි අරඹයි

තාවකාලිකව අත්හිටුවා තිබූ එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපොළේ ගුවන්ගමන් නැවත ආරම්භ කර තිබෙනවා. එම ගුවන්තොටුපොළට විදුලිය සපයන විදුලි උපපොළක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් ඊයේ (21) දවස...