29 C
Colombo
Thursday, July 17, 2025

ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත්කරන්නේ මෙහෙමයි

- Advertisement -

නිලධාරින් හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ වූ පසු ප.ව. 7ට පමණ ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ගණන්කිරීම් කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසනවා.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් අද (19) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී රත්නායක මහතා තවදුරටත් කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් රත්නායක මහතා පවසා සිටියේ තැපැල් ඡන්ද ගණන්කිරීම ප.ව. 4.15ට පමණ ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවයි.

“21 වනදා ඡන්ද මධ්‍යස්ථානවලින් ඡන්ද පෙට්ටි ලැබීමෙන් අනතුරුව නිලධාරින් හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ වූ පසු ප.ව. 7.ට පමණ දිස්ත්‍රික්කවල ඒ ඒ ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ගණන්කිරීම ආරම්භ වෙනවා. තැපැල් ඡන්දගණන් කිරීම ප.ව. 4.15ට පමණ ආරම්භ කිරීමට දැනට කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම ගණන්කිරීමේ කටයුතු සිදුවන්නේ දිස්ත්‍රික් මට්ටමින් එක් එක් පරිශ්‍ර තුළ. ගණන්කිරීම අවසානයේ අදාළ ප්‍රතිඵල ලැබුණු විගස ඒවා මාධ්‍යට ලබාදීමට සියලු කටයුතු යොදලා තිබෙන්නේ. පළමුව ගණන්කිරීම කරනු ලබන්නේ එක් එක් අපේක්ෂකයාට ලැබී ඇති ඡන්ද ප්‍රමාණය ගණනය කිරීම. එම ගණනය කිරීමෙන් අනතුරුව (දිස්ත්‍රික් මට්මින් ගණන් කිරීම් සිදුවේ) පළමුව ඡන්ද පෙට්ටිවල තිබෙන ඡන්ද ප්‍රමාණය ගණනය කිරීම සිදුවෙනවා. ඉන් පසු එක් එක් අපේක්ෂකයාට ලැබී තිබෙන ඡන්ද ප්‍රමාණය ගණනය කරලා, එය ඡන්ද ප්‍රදේශ මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් සකස් කිරීම සිදුකරනවා. මැතිවරණ මහලේකම් කාර්යාලය තමයි සමස්ත ප්‍රතිඵලය ගණනය කරනු ලබන්නේ. කිසියම් අපේක්ෂකයෙකුට වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50ක් හෝ එකක් ලැබිලා තියෙනවාද කියලා බලනවා. එහෙම ලැබිලා තියෙනවානම් ඒ අවස්ථාවේදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු අවසන් වෙනවා. අපි ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කරනවා. යම් හෙයකින් කිසිඳු අපේක්ෂකයෙකුට සියයට 50ක් හෝ එකක් ලැබිලා නැතිනම්, මනාප ගණන් කිරීමේ අවස්ථාවට යා යුතු වෙනවා. එහිදී සිදුවන්නේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අපේක්ෂකයන් දෙදෙනා තරගයේ ඉතිරි කරලා, ඉතිරි අපේක්ෂකයන් 36 දෙනා තරගයෙන් ඉවත් කරනවා”.

RECENT ARTICLES - SINHALA

කුරුලු උයනේ හිමිකරු රිමාන්ඩ්

නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරුව එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරුව අද (17)...

ටීචර් අම්මාගේ නඩුවට මොකද වුණේ ?

ටීචර් අම්මා ලෙස හැඳින්වෙන ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරියක් වන හයේෂිකා ප්‍රනාන්දු මහත්මියගෙන් පහරකෑමට ලක්වූ 19 හැවිරිදි රිතික් ක්‍රිෂාල් අගලවත්ත නම් තරුණයා එම පන්ති ආයතනයේ...

Breaking : ෂාරුක් ඛාන්ගේ ලංකාගමනය කැන්සල්

එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ උත්සවයටඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් නොපැමිණෙන බව City of...

POPULAR ARTICLES