26.4 C
Colombo
Thursday, March 28, 2024

කම්කරුවන්ට හෙරොයින් නැති නිසා පොහොර පටවන්න බැහැ කියනවා – පොහොර සමාගමේ සභාපති

- Advertisement -

හෙරොයින් මත්ද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් කම්කරුවන් පොහොර ලොරිවලට පැටවීමේ වැඩ සඳහා නොපැමිණෙන බව කොමර්ෂල් සහ ලංකා පොහොර සමාගමේ සභාපතිවරුන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබෙනවා.

මේ දිනවල වත්තල පිහිටි රජයේ පොහොර සමාගම වන කොමර්ෂල් සහ ලංකා පොහොර සමාගම් හරහා පොහොර බෙදා හැරීමේ කටයුතු කරනු ලබනවා.

එහි ප්‍රගතිය විමසා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී සභාපතිවරුන් මේ බව අමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා.

කම්කරු හිඟය නිසා පොහොර බෙදා හැරීමේ කටයුතුවලට බාධා සිදුව ඇති බවයි සභාපතිවරුන් මෙහිදී අමාත්‍යවරයාට පෙන්වා දී ඇත්තේ.

ඊට පිළිතුරු ලෙස අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේ දී සභාපතිවරුන්ට ප්‍රකාශ කර ඇත්තේ කඩු ලබාදීමට අමාත්‍යාංශයට හැකියාවක් නොමැති බවයි.

ඒ හේතුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ලබාගෙන පොහොර පැටවීමේ කටයුතු සිදු කරන ලෙස අමාත්‍යවරයා සභාපතිවරුන්ට දැනුම් දී තිබෙනවා.

මේ සඳහා වැය වෙන සියලු මුදල් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ලබා දෙන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සාකච්ඡාවට එක්වූ සභාපතිවරුන්ට ප්‍රකාශ කර ඇත්තේ.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...