26.7 C
Colombo
Monday, June 16, 2025

ලෝක ටෙස්ට් ශූරතා අවසන් සටන හෙට

- Advertisement -

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඔස්ට්‍රෙලියානු කණ්ඩායම විසින් එම තරගයට ක්‍රීඩා කරන අවසන් ක්‍රීඩකයන් 11 දෙනා නම් කිරීමට කටයුතු කර තිබෙනවා.

ක්‍රිකට් ලොව රන් දෙවොල ලෙසින් සැලකෙන එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී හෙට (11) ආරම්භ වන මෙම තරගයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙම්බා බවුමා වෙත පැවරී ඇති අතර ඔස්ට්‍රෙලියානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම එහි නිත්‍ය නායක පැට් කමින්ස් වෙත හිමිව තිබෙනවා.

ඒ අනුව, ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුතු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් වන්නේ, ඒඩන් මාක්‍රම්, රයන් රිකෙල්ටන්, ට්‍රිස්ටන් ස්ටබ්ස්, ඩේවිඩ් බෙනිගම්, කයිල් වෙයියෑන්, වියාන් මුල්ඩර්, මාකෝ යැන්සන්, කේෂව් මහරාජ්, කගීෂෝ රබාඩා සහ ලුන්ගි නිගිඩියි.

මේ අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩා කරන ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට උස්මාන් කවාජා, මානස් ලබුෂේන්, කැමරන් ග්‍රීන්, ස්ටීව් ස්මිත්, ට්‍රැවිස් හෙඩ්, බියෙව් වෙබ්ස්ටර්, ඇලෙක්ස් කේරි, මිචෙල් ස්ට්‍රාක්,නෙතන් ලයන් සහ ජෝෂ් හේසල්වුඩ් ක්‍රීඩා කරනු ලබනවා.

තරගය හෙට එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බර්තසාල් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ඒ අනුව, වැඩි ඡන්ද 07 කින් තේරී පත්...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ බලන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් අද (16) උදෑසන කඩා වැටීමෙන් කොළඹ කොටුව - බදුල්ල දුම්රිය ධාවනයට බාධා සිදුව...

රටේ නිල සංචිත ගැන මහ බැංකුව කියන්නේ බොරු – වෙරිටේ රිසර්ච්

ශ්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන් වාර්තා කර ඇති නිල විදේශ සංචිතවල ප්‍රමාණය තිබෙන ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 1.4කට වැඩි අගයක් බව වෙරිටේ රිසර්ච්...

POPULAR ARTICLES