පැයට කිලෝමීටර 400 ක වේගයෙන් ධාවනය වන නවතම චීන CR450 බුලට් දුම්රියේ මූලාකෘතියක් අද බීජිංහිදී එළිදක්වා තිබෙනවා.
CR450 දුම් රිය පරීක්ෂණ වලදී පැයට කිලෝමීටර 450 ක වේගයෙන් ධාවනය කිරීමට හැකියාව ඇති අතර, මෙම නව දුම්රිය තාක්ෂණයේ චීනයේ අති නවීන දියුණුව ඉස්මතු කරන බව චීන රාජ්‍ය දුම්රිය සමූහ සමාගම පවසනවා.
දැනට සේවයේ යෙදී සිටින CR400 Fuxing අධිවේගී දුම්රිය පැයට කිලෝමීටර 350 ක වේගයෙන් ක්‍රියාත්මක වන අතර නව මාදිලිය පැයට කිලෝමීටර 400 ක වේගයෙන් ක්‍රියාත්මකවනු ලබනවා.
චීන රාජ්‍ය දුම්රිය සමූහ සමාගම සඳහන් කරන්නේ, මෙම චීන දුම්රිය මූලාකෘතිය සඳහා රේඛීය පරීක්ෂණ මාලාවක් සංවිධානය කර ඇති අතර, ඉතා ඉක්මනින් මෙය භාවිතයට එක් කිරීමට අදහස් කරන බවයි.
එමගින් ගමනාන්ත සඳහා ගත වන කාලය අඩු කර මගීන්ගේ ගමන් සඳහා වැඩි පහසුවක් හා කාර්යක්ෂමතාවයක් ගෙන ඒමට ද අපේක්ෂා කෙරෙනවා.