ලෝකය එක්දිනයක දී පැවැත්වෙන ලොව විශාලතම මැතිවරණය ලෙස සැලකෙන ඉන්දුනිසියා මහ මැතිවරණය අද (14) පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඉන්දුනිසියා මැතිවරණයෙන් එරට ජනාධිපතිවරයා , උප ජනාධිපතිවරයා ,උපදේශන සභාව සඳහා සාමාජිකයින්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය , සෙනට් සභාව , පළාත් , නගර හා ප්‍රාන්ත මට්ටමින් ප්‍රාදේශිය ව්‍යවස්ථාදායක ආයතනවල සාමාජිකයින් තෝරා පත් කර ගැනීමට නියමිතයි.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මිලියන 200කට අධික පිරිසක් සුදුසුකම් ලබා සිටින අතර, ඉන් අඩක් පමණ වයස අවුරුදු 40ට අඩු ප්‍රජාව බව සඳහන්.
අද පැවැත්වෙන මැතිවරණයෙන් ජාතික සහ පළාත් මට්ටමින් ජනතා නියෝජිතයින් 20000ක් පමණ තෝරා ගැනිමට නියමිතයි.
මෙවර මැතිවරණයේ දී තුන්වනවරටත් ජනාධිපති ධුරය සඳහා තරඟ කරන 72 හැවිරිදි Prabowo Subianto ඡන්ද විමසීමේ පෙරමුණ ගෙන සිටින අතර ඔහු හිටපු හමුදා ජෙනරාල්වරයෙකු සහ වත්මන් ආරක්ෂක අමාත්‍යවරයා ද වනවා.
ජනප්‍රියත්වයෙන් දෙවැනි සහ තුන්වැනි ස්ථානවල පසුවන්නේ හිටපු ආණ්ඩුකාරවරුන් දෙදෙනෙක් වන Anies Baswedan සහ Ganjar Pranowoයි.
එමෙන්ම ඉන්දුනීසියානු ජනාධිපති Joko Widodo ගේ වැඩිමහල් පුත්‍රයා වන Gibran Rakabuming Raka ද උප ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස මෙම මැතිවරණය සඳහා ඉදිරිපත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙවර ඉන්දුනීසියානු මැතිවරණයේ දී ප්‍රමුඛතම සාධකය වන්නේ තරුණ ඡන්ද දායකයින් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
ලොව විශාලතම මුස්ලිම් ජාතිකයින් බහුතරයක් වෙසෙන රාජ්‍යය මෙය වන අතර ලොව තුන්වෙනුවට විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ලෙස මෙය සැලකෙනවා.