27.7 C
Colombo
Thursday, April 25, 2024

චීන ආරක්ෂක ඇමතිට හෝන් ගැසූ තරුණයා සමාව ඉල්ලයි

- Advertisement -

චීන ආරක්ෂක අමාත්‍යවරයා රැගත් රථ පෙළ කොළඹ දක්වා පැමිණීමේ දී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බාධාවන අයුරින් කටයුතු කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා රුපියල් 50,000 ක ශරීර ඇප මත මුදාහැර තිබේ.

අද (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් සැකකරු ට එවැනි ක්‍රියාවක් තුළින් රටට සිදුවන අපකිර්තීය සුළු කොට තැකිය නොහැකි බවට තරයේ අවවාද කර එම නියෝගය ලබා දී ඇත.

කෙසේවෙතත් තම සේවාදායකයා පොලීසියට සිදුවු අපහසුතාවය සම්බන්ධයෙන් සමාව අයැද සිටින බව සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණය හමුවේ පවසා තිබේ. පසුගිය 27 වනදා රාත්‍රියේ බොරැල්ල ප්‍රදේශයේ දී අදාළ රථ පෙළට ගමන් කිරීම සඳහා මාර්ග කිහිපයක රථ ගමනාගමනය කෙටි කාලයක් සඳහා අත්හිටුවීමට පොලීසිය පියවර ගෙන තිබුණි. එයට විරෝධය පළ කරමින් පුද්ගලයෙකු අනෙක් රථ වාහන රියදුරන් පොලීසියට විරෝධතා දැක්වීම සඳහා පොළඹවමින් ඒ පිළිබඳ විඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය වෙත යොමුකර තිබු බව පොලීසිය පවසන ලදි.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු වන අතර ඔහු වසර 10ක පමණ කාලයක් ඔස්ට්‍රේලියාවේ ජීවත් වුවෙකි.

නඩුව මැයි මස 12 වන දින යළි කැඳවනු ඇත.

මේ අතර අදාළ සැකකාර තරුණයා අධිකරණයෙන් පිටතට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් තමා අතින් සිදුවු වරදට සමාව අයැද සිටියේය.

“මගේ අතින් වරදක් සිදුවුණා ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයෙනුත්, ශ්‍රී ලංකා පොලීසියෙනුත් මම සමාව ඉල්ලනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයටත්, ශ්‍රී ලංකා පොලීසියටත් මුහුණදීමට සිදුවු අපහසුතාවය පිළිබඳ කණගාටුව පළ කරනවා.“

RECENT ARTICLES - SINHALA

වාරණ නියෝග මැද ශ්‍රීලනිපයේ විශේෂ රැස්වීමක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ඊයේ (24) ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. මේ...

රෝග සුව කරන මධ්‍යස්ථානයකට ගිය කාන්තාවක් හදිසියේ මිය ගිහින්

මදුරන්කුලිය පොලිස් වසමේ දේවස්ථානයක පැවති දේවමෙහෙයක් අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයකින් කාන්තාවක් ඊයේ (24) මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ කාන්තාව පුත්තලම රෝහල වෙත...

නිල සංචාරය නිම කරමින් ඉරාන ජනපති දිවයිනෙන් පිටව යයි

ඉරාන ජනාධිපති ආචාර්ය ඉබ්‍රාහිම් රයිසි මහතා සිය නිල සංචාරය නිම කරමින් ඔහු පැමිණි විශේෂ ගුවන් යානයෙන් ඊයේ(24) රාත්‍රියේ දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ ශ්‍රි...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...