23 C
Colombo
Friday, February 14, 2025

පාසල් සිසුවිය පැහැරගත් තරුණයින් අධිකරණයට 

- Advertisement -

දවුලගලදී රුපියල් 50ක කප්පම් මුදලක් ඉල්ලා පාසල් සිසුවියක පැහැර ගැනීමේ සිදුවීමට සම්බන්ධ සියලු සැකකරුවන් අද (14) ගම්පොල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී මහෙස්ත්‍රාත් කාංචනා කොඩිතුවක්කු මහත්මිය විසින් එම වෑන් රථයේ රියදුරු ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කළා.

එමෙන්ම සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ අද උදෑසන අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවා හෙට (15) දින දක්වා රැඳවුම් භාරයේ තැබීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයි දැරිය පියා භාරයට පත් කිරීමටත් නියෝග කරනු ලැබුවා.

මෙම සිද්ධියට සම්බන්ධ වූ තුන්වන සැකකරු අද අළුයමදී ගම්පොළ ජයමාලපුර ප්‍රදේශයේදී දවුලගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු වන මොහොමඩ් නාසිර් අම්පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර වෑන් රථ රියදුරු වූ මොහොමඩ් අන්වර් සදාම් නැමැත්තා ගම්පොල කහටපිටිය ප්‍රදේශයේදී දවුලගල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ප්‍රධාන සැකකරු විසින් පැහැරගැනීමට ලක් කෙරූ දැරිය අවුරුදු 18වූ මෙම පුද්ගලයාගේ මවගේ සහෝදරයාගේ දියණියද වනවා.

සිසුවිය පැහැර ගැනීමට යොදාගත් වෑන් රථය ගම්පොළ කහටපිටිය ප්‍රදේශයේ කුලියට වාහන දෙන ස්ථානයකින් රැගෙන ගොස් ඇති අතර දවුලගල පොලීසිය වෙත මෙම පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි ලද විගස එහි වැඩබලන ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රණසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මොටර් රථ දෙපාර්තමේන්තුව හරහා එහි හිමිකරු සොයාගෙන තිබුණා.

අනතුරුව එහි තිබූ GPS තාක්ෂණය ඔස්සේ වෑන් රථය පොළොන්නරුව ප්‍රදේශයේ ඇති බවට හඳුනාගෙන ඇති අතර ඒ පිළිබඳව පොළොන්නරුව පොලීසියට දැන්වීමෙන් පසු රථය පොලිස් භාරයට ගෙන තිබුණා.

ඒ වන විටත් මෙම වෑන් රථයෙන් පැමිණි ප්‍රධාන සැකකරු හා සිසුවිය බස් රථයක නැග මඩකළපුව ප්‍රදේශයට ගොස් තිබූ අතර මෙහි සිටි ඔහුගේ සහායකයින් දෙදෙනා යළි ගම්පොළ ප්‍රදේශයට පැමිණ සිටියා.

මෙම ප්‍රධාන සැකකරු සිසුවියගේ පියාගෙන් රුපියල් ලක්ෂ පනහක කප්පම් මුදලක් හා වෑන් රථයක් ඉල්ලීම පිළිබඳව හඬ පටයක්ද පොලීසියට ලබා දී තිබුණා.

ජපානයේ රැකියාවක නිරතව සිට මෙහි පැමිණ සිටි මෙම ප්‍රධාන සැකකරු මෙම තරුණිය වෙනුවෙන් මුදල් වියදම් කිරීම හා ඇගේ නිවස ඉදිකරදීම මෙන්ම ඇගේ පියාට වෑන් රථයක් මිලට ගෙන ලබාදීම ආදී තොරතුරුද පොලිසිය වෙත ලැබී ඇති අතර එම කරුණු සැබෑ ද යන්න පිළිබඳ පරීක්ෂණයක් ද පොලීසිය විසින් ආරම්භ කර තිබෙනවා.

පොළොන්නරුව පොලිසිය බාරයේ තිබූ වෑන් රථයද මේ වන විට දවුලගල පොලිසිය වෙත රැගෙන විත් තිබෙනවා.

ප්‍රධාන සැකකරු සමග මෙම සිසුවිය රාත්‍රී දෙකක් අම්පාර හා කල්කුඩා ප්‍රදේශවල නවාතැන් පොළවල සිටිය ද ඇයට කිසිදු ලිංගික හිරිහැරයක් සිදුව නැති බවටයි ඇය පොලිසියට ප්‍රකාශ ලබාදී තිබෙන්නේ.

කෙසේ වෙතත් අද දින ඇය වෛද්‍ය පරීක්ෂණයක් වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...