33 C
Colombo
Thursday, March 28, 2024

ශ්‍රී ලංකාව නවසීලන්තයේදී පළමු ජය සමරයි

- Advertisement -

නවසීලන්තය සමග පැවති පළමු t20 තරගය සුපිරි පන්දුවාරයේ දී  ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කාසිය වාසිය දිනූ නවසීලන්ත නායකයාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන්නා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 තුළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 196ක් ලබා ගැනීමට සමත් වුණා.

මාස 16කට පසුව ජාත්‍යන්තර t20 පිටියට යළි පැමිණි කුසල් පෙරේරා නොදැවී ලකුණු 53යි.

චරිත් අසලංක ලකුණු 67ක් ලබා ගත්තා.

සිව්වැනි කඩුල්ල සඳහා කුසල් හා අසලංක අතර ලකුණු 103ක සම්බන්ධතාවක් ගොඩ නැඟුවා.

ජයග්‍රහණය හඹා ගිය නවසීලන්තය ද නියමිත පන්දුවාර 20 තුළ  කඩුලු 8ක් දැවී ලකුණු 196ක් ලබා ගනිමින් තරගය සම කළා.

අවසන් පන්දුවාරයට ජයග්‍ර හණය සඳහා ලකුණු 13ක් අවශ්‍යව තිබූ අතර පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට දසුන් ශානක සමත් වුණා.

කෙසේ වෙතත් අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කළ සෝදි තරගය සම කරමින් ජය පරාජය විසඳා ගැනීම සුපිරි පන්දුවාරය තෙක් රැගෙන ආවා.

සුපිරි පන්දුවාරයේදී පළමුව පන්දුවට පහර දුන්නේ නවසීලන්තයයි

මහීෂ් තීක්ෂණ යොමු කළ පන්දුවාරයේදී කඩුලු 2ක් දැවී ඔවුන් ලබා ගත්තේ ලකුණු 8ක් පමණයි.

ජයග්‍රහණය සොයා පිටියට පිවිසියේ කුසල් මෙන්ඩිස් සමග චරිත් අසලංකයි.

පළමු පන්දුවට මෙන්ඩිස් එක් ලකුණක් ලබා ගත්තා

අසලංක තමන් මුහුණ දුන් පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කළේ ඉතිරි පන්දු 4 දී ජයග්‍රහණයට ලකුණු 2ක් ලබා ගැනීමට ඉතිරි කර ගනිමින්.

නිපන්දුවක් වූ තුන්වැනි පන්දුව කඩුලු රකින්නාගේ හිසට ඉහළින් හතරේ සීමාවට යොමු කළ අසලංක නවසීලන්ත තරගාවලිය තුල පළමු ජයග්‍රහණය  ශ්‍රී ලංකාවට ගෙන දුන්නා.

නවසීලන්ත තරගාවලිය තුල ශ්‍රී ලංකාව ලද පළමු ජයග්‍රහණය මෙයයි.

RECENT ARTICLES - SINHALA

පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණය ආයෙත් අපි හදනවා – ප්‍රසන්න

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) යළි පණ ගැන්වීමේ ව්‍යාපෘතිය සඳහා ජපන් ආයෝජකයකු ඉදිරිපත්ව තිබෙනවා. මේ සඳහා වන මූලික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නාගරික සංවර්ධන...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...

අද රන් මිල

පසුගිය දිනවලට සාපේක්ෂව අද (28) දිනයේ රන් මිල තරමක ඉහළ අගයක් ගනු ලැබුවා. ඒ අනුව, කැරට් 22 යි ග්‍රෑම් 8ක මිල ප්‍රමාණය අද සටහන් වූයේ...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...