දුම්රිය 23 ක් අද (13) මේ දක්වා කාලය තුළ අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ, රියදුරන් නොමැති වීම හේතුවෙන්.
දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, ප්‍රධාන, කැලණිවැලි, මුහුදුබඩ සහ පුත්තලම මාර්ගවල දුම්රිය අවලංගු වීම් වාර්තා වන බවයි.
කෙසේ වෙතත්, හෙට (14) සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.