27 C
Colombo
Saturday, June 10, 2023

රටේ ඩොලර් නැහැ, ඒකයි තෙල් මිලේ ඇත්ත කතාව – දයාසිරි

- Advertisement -

ආනයන සීමා කිරීම පිටුපස ඇති රටේ ඇත්ත තත්ත්වයට හේතුව රට තුළ ඩොලර් නොමැතිකම බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

තෙල් සඳහා යන ආනයන වියදම් අඩුකර ගැනීම සඳහා ගත් පියවරක් ලෙස ඉන්ධන මිල ඉහළ දමා ඇති අතර එය කැබිනට් මණ්ඩලය සාකච්ජා කර ගත් තීරණයක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

අවසාන වශයෙන් ලංකාවේ තෙල් මිල වැඩි කිරීම හෝ අඩු කිරීම සඳහා බලය ඇත්තේ මුදල් අමාත්‍යාංශයට බවද ඔහු පෙන්වා දෙනවා.

”අද තෙල් සංස්ථාව සහ විදුලි බල මණ්ඩලය විශාල ණය අර්බුදයක ඉන්නේ. මෙය කැබිනට් මණ්ඩලය ගත්ත තීන්දුවක්. මේක අමාරු වැඩක්. තෙල් මිල රු.20කින් වගේ වැඩි කරනවා කියන්නේ විශාල අර්බුදයක් රට ඇතුළේ එනවා. වැඩි කිරීම ගැන අපෙත් විරෝධයක් තිබෙනවා. නමුත් රටක් විදිහට අපිට දැන් මුහුණ දෙන්න සිද්ධවෙලා තිබෙනවා. ඒ වගේම රටේ ඩොලර් නැතිවීම තුළ විශාල ආර්ථික අර්බුදයක ඉන්නේ.

එවන් අවස්ථාවක කැබිනට් මණ්ඩලය ගන්න තීරණයට සාමූහිකව සියලු දෙනා බැඳිලා ඉන්නවා. ගම්මන්පිල ඇමතිතුමා විතරක් අල්ලලා එතුමාට පහර ගහලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. එහෙම නම් ලංකාවේ පොහොර අර්බුදයක් තියෙනවා. ඒකට එහෙම නම් මහින්දානන්ද ඇමැතිතුමාත් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරපු ජනාධිපතිතුමත් වගකියන්න ඕනේ. එහෙම ගත්තොත් ඇමතිවරු හැමකෙනාටම ගෙදර යන්න වෙනවා.” යැයි දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.