තමා පාර්ලිමෙන්තුවේදී ඉදිරිපත් කළ ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත් පිරිසගේ නම් ලැයිස්තුව 2005 වසරේ සිට 2024 දක්වා වූ නම් ලැයිස්තුව පමණක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඔහු මෙම අදහස් පල කළේ, අද (24) පැවති කැබිනට් මණ්ඩල තීරණ ප්‍රකාශයට පත් කළ අවසථාව අතරතුරයි.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
‘මම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළේ ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත් දේශපාලකයින්ගේ නම් කිහිපයක් පමණයි. තවත් ලැයිස්තුවක් මගේ අතේ තියෙනවා. ප්‍රාදේශීය සභා, නගර සභා, සභිකයෝ, සභාපතිවරු, පළාත් සභා මැති ඇමතිවරු, ආණ්ඩුකාරවරු, ඒ අයගේ ලේකනත් තියෙනවා මම එදා කොටසක් විතරයි ඉදිරිපත් කළේ. ඒ 2005 ඉදන් 2024 දක්වා.
වාහන පර්මිට් දෙනකොට මගුල් ගෙවල්වලට ගිහිල්ලා තෑග්ග හැටියට වාහන පර්මිට් ඇවිල්ලා තියෙන්නේ ජනාධිපතිලා. ඉතින් මෙහෙම තමයි සමහර ජනාධිපතිලා වගකීම් විරහිතව වැඩ කරලා තියෙනවා…’