33 C
Colombo
Friday, March 29, 2024

අන්තවාදයට උඩගෙඩි දෙන අය මේ ආණ්ඩුවෙත් ඉන්නවා – නාරම්පනාවේ ආනන්ද හිමි

- Advertisement -

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සම්බන්දයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන හිටපු ජනාධිපතිවරයා හා ඉහළ පොලිස් නිලධාරීන් මෙහි වගඋත්තරකරුවන් බවට පතිකිරීම අනුමත කළ නොහැකි බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අස්ගිරි පරිවේණාධිපති ජූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියන් පවසනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව අසම්පූර්ණ එකක් බවත් එවැනි අසම්පූර්ණ වාර්තාවක කරුණු පදනම් කරගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීමටයෑම සාධාරණ නොවන බවත් ඊයේ (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් උන්වහන්සේ සඳහන් කළා.

වරදට අනුබල දුන් අය හෝ වගකීම් පැහැරහැරි ඇයට දඩුවම් ලබාදීම වරදක් නොවන බවත් ඊට පෙර ප්‍රහාරය දියත් කළ අය සමඟ සෘජු සම්බන්දතා දැක්වූ අය සම්බන්දයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් නාහිමියන් පෙන්වා දෙනවා.

පාස්කු ප්‍රාහාරය සම්බන්දයෙන් හිටපු රාජ්‍ය නායකයාට හා ඉහළ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශ අසන්නට ලැබෙන බවත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීමට පෙර දැනට නිදැල්ලේ සිටින ප්‍රහාරයේ මහමොළකරුවන් හට නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් උන්වහන්සේ පවසනවා.

අන්තවාදයට උඩගෙඩි දෙන අය පසුගිය ආණ්ඩුවේ මෙන්ම වත්මන් ආණ්ඩුවේද සිටින බවත් වාර්ගික පදනමින් මරණ පරීක්ෂකවරුන් පත්කිරීමට අධිකරණ අමාත්‍යවරයා ගන්නා උත්සහය මඟින් මෙරට තුළ ජාතිවාදයක් ඉස්මතුවන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළා.

ශ්‍රී මහා බෝධියට, දළදා මැදුරට ප්‍රහාර එල්ලවෙද්දී අරන්තලාව භික්ෂු ඝාතනය සිදුවෙද්දී එවකට හිටපු රාජ්‍ය නායකයාට චෝදනා එල්ල නොකර ඊට වගකිවයුතු කොටි සංවිධානය පරාජය කළ බවත් මේ මොහොතේද අන්තවාදය පරාජය කළ හැක්කේ ඊට වගකිවයුතු පිරිසට දඩුවම් දීමෙන් බවත් නාරම්පනාවේ ආනන්ද නාහිමියන් වැඩිදුරටත් පෙන්වා දුන්නා.


RECENT ARTICLES - SINHALA

කෝටි 10ක රත්තරන් කේක් හැදූ ශ්‍රී ලාංකික තරුණයා

රත්තරං කේක් නිෂ්පාදනය කළ ලංකාවේ තරුණයෙක් පිළිබඳව පසුගිය දිනවල විදෙස් මාධ්‍යවල පවා කතාබහට ලක්වුණා.  ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පිනි ඌර්වශි රවුටෙලාගේ පෙබරවාරි 25 වැනිදාට යෙදී තිබුණු...

අපි විදේශ ගිවිසුම් වලට විරුද්ධ නෑ – විමල්ගේ පක්යෙන් අමුතු එළියක් (වීඩියෝ)

ජාතික නිදහස් පෙරමුණ විදේශ රටවල් සමඟ ඇති කරගන්නා ගිවිසුම් කිසිවකට විරුද්ධ නොවන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසනවා. අන්තර්ජාල නාලිකාවක්...

ජනපති සටනට මමත් එනවා – පාඨලී

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමා සූදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...