33 C
Colombo
Friday, March 29, 2024

ඉන්නවත් රටක් තියෙන්නේ ගෝඨාභය නිසා

- Advertisement -

වර්තමානයේදී ආණ්ඩුව සහ ජනතාව මුහුණ දී ඇති බොහෝ ගැටලුවලට වගකිව යුත්තේ පසුගිය යහපාලන ආණ්ඩුව බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

යහපාලන ආණ්ඩුවේ බොහෝ ක්‍රියාකාරකම්වල වන්දි ගෙවීමට සිදුව තිබෙන්නේ වත්මන් ආණ්ඩුවට බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් ඒ සියල්ල අභියෝග සේ සලකා එම අභියෝගවලට මුහුණ දෙන බවත්, අභියෝග හමුවේ පැන දුවන්නට කටයුතු නොකරන බවත් රණතුංග මහතා සඳහන් කරනවා.

ආණ්ඩුව අර්බුද විසඳීමට උපරිම උත්සාහ ගනිද්දී ඊට සහයෝගය ලබාදීම වෙනුවට දිගින් දිගටම කඩාකප්පල්කාරී ලෙස හැසිරෙන බව පෙන්වා දෙන ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පවසන්නේ එය අලුත් දෙයක් නොවන බවයි. මීට පෙර අවසන් යුද සමයේදීද එවක විපක්ෂය මේ අයුරින්ම කඩාකප්පල්කාරී ලෙස හැසිරුණු බව ඇමතිවරයා සිහිපත් කරනවා.

ආණ්ඩුව තුළද විවිධ අඩුපාඩු තිබෙන බවත්, කෙසේ නමුත් ඒ සියලු අඩුපාඩු නිවැරදි කර ගනිමින් රට ඉදිරියට ගෙනයාම අරමුණ බවත් රණතුංග මහතා සඳහන් කරනවා. මේ තරමින් හෝ රටක් ඉතිරිව තිබෙන්නේ වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයේ සිටින නිසා බව පෙන්වා දෙන ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ වෙනත් පක්ෂයක් බලයේ සිටියේ නම් මේ වනවිටත් රට නැත්තටම නැති වී අවසන් බවයි.

RECENT ARTICLES - SINHALA

පෝට් සිටි අධිවේගී මාර්ගය විවෘත කෙරෙන දිනය

කොළඹ ඉඟුරු කඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය නගරය දක්වා අධිවේගී මාර්ගය ලබන ජූනි මස විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. කිලෝමීටර් 5.3ක දිගින් යුත්...

පොහොට්ටුව යළිත් දෙදරා යන ලකුණු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ පොහොට්ටු පක්ෂය තුළ අභ්‍යන්තර වශයෙන් බෙදීමක් හට ගෙන ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා...

ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාවට නව නීති

සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...