26 C
Colombo
Friday, January 27, 2023

නියමිත කාලයට සරසවියෙන් එළියට නොගිය අය ගෙදර යවන්න නව පනතක්

- Advertisement -

විශ්ව විද්‍යාලවලට ඇතුල් වී නියමිත කාලයට උපාධිය ලබා නොගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්ව විද්‍යාලවලින් ඉවත් කිරීමට අදාළ පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට අධ්‍යාපනය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා කියා සිටියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විභාගවලට මුහුණ දීමට වඩා දේශපාලන කටයුතු කිරීම වැදගත් බව සිතමින් විභාගවලට පෙනී නොසිට අදාළ උපාධි කාල සීමාව ද ඉක්මවා වසර 9ක් 10ක් කාලයක් විශ්වවිද්‍යාල නේවාසිකාගාර තුළ රැඳී සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

මේ අනුව නියමිත කාලය තුළ විභාගවලට පෙනී නොසිට දීර්ඝ කාලයක් එසේ විශ්ව විද්‍යාල නේවාසිකාගාරවල රැඳී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳ විශේෂ සංගණනයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

එම සංගණනය සඳහා විශ්ව විද්‍යාල කුලපතිවරුන්ගේ සහය ලබා ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙසේ රැඳී සිටිමින් විශ්ව විද්‍යාල නේවාසිකාගාරවලින් ඉවත් නොවී සිටීම 21 වන සියවසේ ප්‍රජාතන්ත්‍රවාදයට කිසිඳු ලෙසකින් නොගැලපෙන බවයි ඔහු සඳහන් කළේ.

මෙලෙස සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් දීර්ඝ කාලයක් විශ්ව විද්‍යාල නේවාසිකාගාරවල රැඳී සිට නවක සිසුන්ට නේවාසිකාගාරවල පහසුකම් ලබා ගැනීමට අවස්ථාව ද අහිමිව වන බවද අමාත්‍යවරයා පවසනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ මීට අමතරව නේවාසිකාගාරවල නවක වද සිද්ධීන් අනාවරණය වී ඇති බවයි.

දැනට පවතින විශ්ව විද්‍යාලවල කොමිෂන් සභා පනතේ නීතියට අනුව විශ්ව විද්‍යාලවලට ඇතුළු වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් නියමිත කාලය තුළ විභාගවලට පෙනී සිට විශ්ව
විද්‍යාලවලින් පිටව යා යුතු බවට සඳහන් නොවී හේතුවෙන් ඔවුන් ඉවත් කිරීමේ දී ගැටළු සහගත තත්ත්වයක් මතුව තිබෙනවා.

මේ අනුව විශ්ව විද්‍යාල සම්බන්ධව නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් පසුව ගැටළු සහගත තත්ත්වයට පහව යනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

නව පනතට අනුව ශිෂ්‍ය ශිෂ්‍යාවකට අසනීප තත්ත්වයක් හෝ පෞද්ගලික හේතුවක් මත නියමිත කාලය තුළ විභාගය පෙනී සිටීමට නොහැකි වුවහොත් විභාගවලට පෙනී සිටීම සඳහා එම කාලයෙන් සියයට 50 කාලයක් ලබාදෙනු ඇති.

කෙසේ වෙතත් එම කාලය තුලදී විභාගවලට පෙනී නොසිට උපාධිය සම්පුර්ණ නොකරන සියලු සිසුන් විශ්ව විද්‍යාල භූමියෙන් ඉවත් කිරීමට නව පනතෙන් හැකියාව ලැබෙන බවයි රාජ්‍ය අමාතවරයා වැඩිදුරටත් කියා සිටියේ.

RECENT ARTICLES - SINHALA

රනිල් රටේ ප්‍රශ්ණ භාගයක් විසඳා අවසන් – ඉතිරි භාගයත් විසඳනවා – සමන් රත්නප්‍රිය

0
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ පවතින ප්‍රශ්ණවලින් භාගයක් විසඳා අවසන් බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

මානව හිමිකම් කොමිසම විදුලි බලධාරීන් එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට

0
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විධානය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සහ ඊට අගෞරව වන පරිදි අපහාස කිරීමේ වරදට අදාළ පාර්ශවයන් වෙත...

BREAKING – පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ සුදානමක්?

0
9 වන පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ කටයුතු අවසන් කිරීමට රජය තීරණය කර තිබෙනවා. රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ...

RECENT ARTICLES - ENGLISH

“World will think we are incapable.”: President justifies grand Independence celebration

0
A pre-discussion was held this morning (26) at the Presidential Secretariat under the patronage of President Ranil Wickremesinghe regarding the Independence Day...

Gautam Adani accused of pulling the ‘largest con in corporate history’

0
Indian billionaire Gautam Adani has slipped from being the world’s third richest man to the fourth after an activist investment firm released...

Italy to supply helicopters to SL to combat human trafficking

0
Italy has expressed its willingness to help Sri Lanka by supplying helicopters for anti-human trafficking measures taken by the Government of Sri...