29.1 C
Colombo
Friday, April 26, 2024

ඖෂධ හිඟයක් නෑ කිව්වට නැත්තෙම නෑ, තියෙනවා..! – සෞඛ්‍ය අමාත්‍යංශය

- Advertisement -

රජයේ රෝහල්වල ඇතැම් ඖෂධ හා උපකරණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ගැටළුව කළමනාකරණය කොට අඛණ්ඩ ඖෂධ සැපයුමක් සහතික කරන සැලසුම් සකසා ඇති බවයි එම අමාත්‍යංශය පවසන්නේ.

කෙසේ වෙතත්, ඊයේ (12) දිනයේදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මාධ්‍ය වාර්තා කරන අයුරින් ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟයක් නොමැති බවයි.

විදේශ විනිමය දුෂ්කරතා නිසා නිසි කලට ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි වූයෙන් ඇතැම් ඖෂධ හිඟවූ බවත් ඊට පිළියම් ක්‍රියාමාර්ග කීපයක් හඳුනාගෙන දැන් ක්‍රියාත්මක කෙරෙමින් පවති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඉන්දීය සහන ණය පහසුකම යටතේ ණයවර ලිපි විවෘත කොට ඖෂධ හා උපකරණ ඇණවුම් කිරීම ඉන් එකකි. දෙවනුව ඖෂධ මිලට ගැනීම සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 10ක අරමුදල් ලැබී ඇති අතර ඒ හැර අරමුදල් හෝ ඖෂධ සපයා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ආසියානු සංවර්ධන බැංකුව සමග අමාත්‍යංශය සාකච්ඡා කරමින් සිටින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

හිඟ ඖෂධ හෝ ඖෂධ මිලදී ගැනීමට මුදල් හෝ පරිත්‍යාග කරන මෙන් විදේශීය ආයතන වෙත, විදේශී‍ය සහ එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත ආයාචනයක් කර තිබේ. දැනටමත් ඊට යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි අමාත්‍යංශය පවසනවා.

රජයේ රෝහලවල ඖෂධ හිඟයක් නැතැයි නිල මූලාශ්‍රයක් උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ නිකුත් කළ නිවේදනය මේ කරුණු සලකා නිවැරදි විය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...