27.8 C
Colombo
Wednesday, June 25, 2025

අලුත් දිවුල්වැව වැව් බැම්මේ ජල කාන්දුවක්

- Advertisement -

අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අලුත්දිවුල් වැව ජලාශයේ වැව් බැම්ම කැඩීයාමේ අවදානමක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පවසනවා.

ඊයේ (10) පෙරවරුවේ එහි ජලකාන්දුවක් හඳුනාගෙන ඇති අතර වැලි කොට්ට යොදා ජල කාන්දුව පාලනය කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව, යුද හමුදාව සහ ගම්වාසීන් උත්සාහ ගෙන තිබුණා.

 ජලාශයේ දකුණු සොරොව්ව වෙත ගමන් කිරීමට සකසා ඇති පස් බැම්මේ මෙම ජල කාන්දුව හටගෙන තිබූ අතර එම කාන්දුව සිදුවන ස්ථානය වසා දැමීමට මේ වන විට කටයුතු කළත්, පසුව එම කාන්දුවෙන් යළිත් ජලය පිටතට පැමිණීමට පටන් ගෙන තිබෙනවා.

 ඒ අනුව, මෙම වැව් බැම්ම කැඩී යාමේ අවදානම සලකා පවුල් 30ක් පමණ ගම්මානයෙන් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණා .

මෙම සිද්ධියත් සමග ප්‍රදේශයේ පිහිටි දිවුල්වැව මහා විදුහල වසා දැමීමට තීරණය කර ඇති අතර වැව කැඩීයාමේ අවදානම හේතුවෙන්.දුටුවැව සිට යකල්ල දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය ද සීමා කර තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ එච්.කේ. ජයන්ත ද සිල්වා මහතා පවසන්නේ,අලුත්දිවුල් වැව ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 7200ක් වුවත් පසුගිය දිනවල ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාපතනයත් සමග වාරිමාර්ග ඔස්සේ ජලාශයට වැඩි ජල ප්‍රමාණයක් එක් රැස්ව ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

වෙඩිතබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙක්ගේ සිරුරු හමුවෙයි

මිද්දෙණිය තෝරකොලයාය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. එලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 25ක් සහ 30ක් වූ තරුණයින් දෙදෙනෙක්.  ඔවුන්ගේ යතුරුපැදිද...

කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් – රියදුරන්ට පොලිසියෙන් දැනුම්දීමක්

බෝරා ආගම අදහන ප්‍රජාවගේ අධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමුළුව කොළඹ කොටුව ඩී. ආර්. විජේවර්ධන මාවතේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද (25) පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම...

ඉන්ධන හිඟය ගැන සංස්ථාව කියන කතාව

රට තුළ කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සහතික වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පැවසුවේ, මාස...

POPULAR ARTICLES