24 C
Colombo
Tuesday, March 21, 2023

ඉන්ධන බලපත්‍රයට ඔන්ලයින් ලියාපදිංචි වෙන්නත් පෝලිමක්

- Advertisement -

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයෙන් අද (16) හදුන්වාදුන් ඉන්ධන බලපත්‍ර ක්‍රමයට අන්තර්ජාලය මගින් ලියාපදිංචිවීම මේ වන විට දැඩි අර්බුදයක් නිර්මාණය කර තිබෙනවා.

ඒ අනුව බොහෝදෙනා චෝදනා කරන්නේ එම සේවාවේ දෝෂ රැසක් පවතින බවයි.

ප්‍රධාන වශයෙන් අදාළ වෙබ් අඩවියට පිවිසිය නොහැකි අතර අමාත්‍යවරයා සඳහන් කළේ විශාල පිරිසක් එකවර පිවිසීමේදී වෙබ් අඩවිය බිදවැටිය හැකි බවයි.

තවද දත්ත පිරවීමෙන් පසුව ජංගම දුරකතනයට ලැබෙන කේතය (OTP) නොලැබීම හේතුවෙන් ලියාපදිංචිය අවසන් කිරීමට බොහෝදෙනාට නොහැකිවී තිබෙනවා.

මේ හේතුවෙන් ඉන්ධන නෞකාව ගොඩබෑමෙන් පසුව තමන්ට ඉන්ධන ලබාගැනීමට නොහැකිවේ යැයි ඉන්ධන පාරිභෝගිකයන් බියෙන් පසුවනවා.

මන්ද අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ සිපෙට්කෝ පිරවුම්හල්වලින් මින් අනතුරුව ඉන්ධන ලබාදෙනුයේ අදාළ ලියාපදිංචිය අවසන්කළ පුද්ගලයන්ට පමණක් බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාද පවසන්නේ වෙබ් අඩවිය හඳුන්වාදී පැය කිහිපයක් පමණක් ගතව තිබුණ ද, අවස්ථා ගණනාවක්ම තමා උත්සහ කළද, අදාළ වෙබ් අඩවිය ඔස්සේ තමාට ලියාපදිංචිය තහවුරු කර ගන්නට හැකියාවක් නොලැබුණු බවයි.

එමෙන්ම ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් මහතාද සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසා ඇත්තේ ඉන්ධන පෝලිම්වලට අමතරව ඉන්ධන සඳහා ලියාපදිංචිවීමටද දැන් පෝලිමක් ඇතිවී ඇති බවයි.


RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.