27.2 C
Colombo
Saturday, June 21, 2025

අප්‍රේල් වෙනකම් තෙල් තියෙනවා, බයවෙන්න හේතුවක් නැහැ – සිපෙට්කෝ සභාපති

- Advertisement -

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සැලසුම් කර, ඉන්ධන සඳහා අවශ්‍ය සියලුම ඇණවුම් ලබාදී ඇති බැවින් ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා ඉන්ධන හිඟයක් ඇති නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. කරුණාරත්න මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ ප්‍රමාණවත් ඉන්ධන තොග පවත්වාගෙන යෑමේ ඉදිරි සැලසුම් සතිපතා සැලසුම් කරන බවයි.

ඉන්ධන මිල සංශෝධන පිළිබඳ තීරණ වඩාත් විනිවිදභාවයෙන් සිදුකිරීම සහතික කිරීම සඳහා නියාමන කොමිෂන් සභාව වෙත භාරදීමට බලාපොරොත්තු වන බවද සභාපතිවරයා මෙහිදී පවසා සිටියා.

“වඩාත් කාර්යක්ෂම ඉන්ධන සැපයුමක් සඳහා පිරිපහදු අංශය දියුණු කිරීම සංස්ථාවේ අරමුණයි. මෑතකාලීන ඉන්ධන මිල සංශෝධනය දැනට පවතින මිල සූත්‍රයට අනුව සිදු කර තිබෙනවා. මහජනතාවට වැඩි සහන ලබාදීම සඳහා මිල සූත්‍රය වැඩිදියුණු කිරීමට සංස්ථාව සැලසුම් කරනවා”

“වෙනත් පාර්ශ්ව විසින් ආනයනය කරන ඉන්ධන තොග සඳහා ඉන්ධන මිල අඩු කළ නොහැකියි. ඒ වගේම නව රජය බලයට පත්වී කෙටි කාලයක් තුළ විශාල ඉන්ධන සහන ලබාදීම කළ නොහැකියි.පසුගියදා ඉන්ධන මිල සංශෝධනය කළේ පවතින සූත්‍රයට අනුව සහ නීත්‍යානුකූලවයි”

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES