26 C
Colombo
Friday, March 29, 2024

‍රනිල් නිසා පොහොට්ටුව පුපුරයි

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය ලබා දීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නැතැයි එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසනවා.

ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදිය යුතු බව පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසකගේ මතය බවයි.

පක්ෂයේ තීරණය සම්බන්ධයෙන් පළාත් මට්ටමෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයිද ඔහු සඳහන් කරනවා.

මේ අනුව පක්ෂයේ තීරණය පිළිබඳව උතුරු නැගෙනහිර පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෙට දැනුම්වත් කෙරෙන බවයි ඔහු පවසන්නේ.

කෙසේ නමුත් පක්ෂයේ අපේක්ෂකයෙකු ඡන්දයට ඉදිරිපත්වීමට තීරණය කර ඇති පසුබිමක වෙනත් පක්ෂයක අපේක්ෂකයෙකුට සහාය ලබාදීම සිදුකළ නොහැකි බව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් පවසන බවයි පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.

සාගර කාරියවසම්ගේ ප්‍රකාශය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.ඇල්. පීරිස් විසින් පක්ෂ ලේකම්වරයා වෙත ඊයේ ලිපියක් යොමුකර තිබිණි. අදාල ලිපියට කඩිනමින් ප්‍රතිචාර දක්වන බවයි ලේකම්වරයා පවසන්නේ.


RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...