29.7 C
Colombo
Wednesday, April 24, 2024

රටේ විනය නෑ; වයස 18ට වැඩි නම් හමුදා කඳවුරු වල පුහුණු කළ යුතුයි..! – සරත් වීරසේකර

- Advertisement -

අවුරුදු 18ට වැඩි පුද්ගලයින්ට හමුදා කඳවුරු තුළ පුහුණුවක් ලබාදිය යුතු බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර පවසනවා.

මේ බවට තමන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අවස්ථාවේදී තමන්ට අපහාස කළ බවත් මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටිනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පානදුර, අලුබෝමුල්ල සහ හිරණ පොලිස් ස්ථාන විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

රටේ විනය පිරිහීමට ලක්ව ඇති බවත් එබැවින් අවුරුදු 18ට ඉහළ පුද්ගලයින්ට හමුදා පුහුණුවක් ලබාදිය යුතු බවත් තමන් විශ්වාස කරන බවයි ඔහු පවසන්නේ.

“බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වෙන්න නම් එවැනි සමාජයක කප්පම්කාරයෝ, ස්ත්‍රී දූෂකයෝ ඉන්න බෑ. අද පුංචි දරුවෙක් අතරමං වුණොත් ඒ දරුවගේ අනාගතය ගැන කියන්න බෑ. ඒ වගේම අපේ රටේ විනය අද බොහොම පිරිහිලා. අවුරුදු 18න් ඉහළ අයට හමුදා පුහුණුවක් ලබාදිය යුතුයි කියලා මම කිව්වාම පාර්ලිමේන්තුවේ මට අපහාස කළා.

හමුදා පුහුණුවක් කියන්නේ සමහරු විවේචනය කරනවා වගේ මිලිටරිකාරයෙක් වෙන්න නෙමෙයි. නමුත් අවුරුදු 18න් ඉහළ තරුණයන්ට අපි යම් පුහුණුවක් දෙනවා නම් ඒ පුහුණුව දෙන්න සුදුසුම තැන තමයි හමුදා කඳවුර. මොකද ඒ තුළ විනයක් හික්මීමක් වගේම පහසුකම් තියෙන නිසා. පෞරුෂත්වය වැඩිකරන යම්කිසි පාඨමාලාවක් දුන්නොත් අපිට පුළුවන් සමාජය ක්‍රමක්‍රමයෙන් විනයගරුක සමාජයක් බවට පත් කරන්න.”

RECENT ARTICLES - SINHALA

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

කෘෂිකර්මාන්තයට දෙන සහන මුදල් ලබන සතියේ ගොවින්ට

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව...

කොළඹ මාර්ග අවුල් ජාලයක් වෙලා

කොළඹ මාර්ග රැසක මේ වන විට දැඩි මාර්ග තදබදයක් ඇතැයි අප වාර්තාකරුවන් පවසනවා. ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් විටින් විට වසා දැමෙන බව...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...