30.9 C
Colombo
Thursday, April 25, 2024

ශ්‍රී ලංකාවේ ‘ආහාර හදිසි තත්ත්වය’ ගැන Al Jazeera පුවතට රජයෙන් පිළිතුරු

- Advertisement -

රුපියලේ අගය විශාල ලෙස පහළ යාම හමුවේ භාණ්ඩ මිල සීග්‍රයෙන් ඉහළ යාමත් සමග, ශ්‍රී ලංකාව හදිසි ආහාර/ආර්ථික තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවට පුවත් සේවය මගින් පල කළ පුවත සම්බන්ධයෙන් මෙරට රජය පිළිතුරු සපයා තිබෙනවා.

ශ්‍රී ලංකා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව මගින් ප්‍රකාශයට පත් කල නිවේදනයක දැක්වෙන්නේ ආහාර සඟවා ගොඩගසා තැබීමට එරෙහිව හදිසි තත්වයක් ක්‍රියාත්මක කෙරුණද, ආනයනයන් සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය මෙරට රජයට නොමැති බව අල්ජසීරා පුවතේ දැක්වූවද සැබවින්ම මෙරට ආනයනයන් 10%කින් ඉහළ ගොස් ඇති බවයි. සිදුව ඇත්තේ ආර්ථික ලාභ ඉපැයීම උදෙසා ආනයනකරුවන් විසින් තොග සඟවා කෘතිම හිඟයක් මවාපෑමක් පමණක් බවයි රජය පෙන්වා දෙන්නේ.

එමෙන්ම වත්මන් රජය බලයට පැමිණෙද්දී ඩොලර් බිලියන 7.5ව පැවති විදේශ විනිමය සංචිතය ජූලි මස අග වන විට ඩොලර් බ්ලියන 2.8ක් දක්වා පහතට වැටී ඇති බවත් එම කාලය තුල රුපියලේ අගය 20%කටත් වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇති බවටත් පළවූ එම පුවතේ කොටස සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙරට රජය ප්‍රකාශ කර සිටින්නේ රජය විසින් ක්‍රමයෙන් මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඉහළ නංවමින් ඇති බවයි.

එමෙන්ම ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කර ඉන්ධන සඳහා වැයවන ඩොලර් ප්‍රමාණය අනෙකුත් අත්‍යාවශ්‍ය දෑ ආනයනය කිරීමට ඉතිරි කරන ලෙසට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා ජනතාවගෙන් සිදු කළ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජය පවසන්නේ මෙවැනි සමයක එවැනි ඉල්ලීමක් සාධාරණ සහ ප්‍රායෝගික ඉල්ලීමක් බවයි.

අදාල නිවේදනය පහතින්

RECENT ARTICLES - SINHALA

Breaking: සන්නස්ගල අත්අඩංගුවට

හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහතාව කඳාන පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා....

පාසල් දරුවෙකුට පහර දුන් SI ගැන විමර්ශන

පාපැදියකින් ගමන් ගත් 13 හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණිල්ලක් කර...

කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක් සියදිවි හානි කර ගනී

කුරුණෑගල - මාස්පොත ප්‍රදේශයේ ජාතික පාසලක විදුහල්පතිවරයෙකු සිය නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ, අවුරුදු 55 හැවිරිදි කුරුණෑගල - මරලුවාව ප්‍රදේශයේ පදිංචි...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...