31 C
Colombo
Wednesday, February 12, 2025

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 13ක් ගැන තොරතුරු නැහැ

- Advertisement -

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රථවාහන 29ක් අස්ථානගතවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම්දි තිබෙනවා.

ජනාධිපති ලේකම්වරයා සිදු කරන ලද පැමිණිල්ලකට අදාළව විමර්ශන සිදු කරන බව මෝසමක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව දන්වා තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් අතිරේක ලේකම්වරයකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් එම අදාළ වාහන 29යෙන් දහසයක් අවසන් වරට භාවිත කළ පුද්ගලයන්ගේ විස්තර ඇති බවත් දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉන් වාහන 13ක් සම්බන්ධයෙන් කිසිම තොරතුරක් නැති බව ද දන්වා සිටියා.

විමර්ශනයට අදාළව පළාත් 09 තුළ ඇති පළාත් පාලන ආයතනවලින් මෙම රථවාහන සම්බන්ධයෙන් ලිපි ගනුදෙනු සිදු වී ඇත යන්න පිළිබඳ ව තොරතුරු විමසා ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව විමර්ශන සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය විමර්ශනවලට අදාළ ප්‍රගතිය දැනුම් දීම සඳහා මාර්තු මස 12 වැනිදා නඩුව කැඳවන ලෙසත් නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

අර්චුනා ආයෙත් යකා නටලා

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා...

රාජ්‍ය සේවක අවම වැටුප 20,000කින් වැඩි කරන්න – ජනපතිගෙන් ඉල්ලීමක්

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ අවම මූලික වැටුප රුපියල් 20,000කින් වැඩි කරන ලෙස රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම...

යළිත් විදුලි කප්පාදුවක්? තීරණය අද

නවම් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇති අද, විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, නොරොචෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 3ම...

POPULAR ARTICLES

මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන සැකයක්

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට වාර්තා වීමත් සමග එය නිවැරදි වන තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම ඔහුට අත්හිටුවා...