32 C
Colombo
Friday, March 29, 2024

මේ වෙලාවේ විදුලිබිල ඉහළ දාන්න අවශ්‍යතාවක් නැහැ – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති

- Advertisement -

විදුලිබිල ඉහළ නැංවීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

අද (01) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කොමිසමේ සභාපතිවරයා මේ බව කියා සිටියා.

එහිදී අදහස් දැක්වූ සභාපතිවරයා, “මෙහෙම ගියහම විදුලි බිල්පතත් උදේ නැගිටිනකොට දකින ඉන්ධන මිල වගේ වැඩිවෙලා තියේවි. ඒකට අපි එකඟ නැහැ. අනික මෙහෙම කරන්න බැහැ. අපි නැප්තා සහ ෆර්නස් ඔයිල් අපිට ගල්අඟුරු වගේ ගෙන්වන්න අවසර දෙන්න කියලා. මේ වෙන කොට ලෝක වෙළෙඳපොළේ අඩුයි. එත් ඒක ලංකාවේ අපි දකින්නේ නැහැ. දැන් අපි මේ තෙල්වලට කරන්නේ තෙල්වලට අපි ගෙවන ගාණට වඩා වැඩි ගණනකුත් ගෙවලා ඒ ගාණ අපි විදුලි පාරිභෝගිකයාගෙන් අය කරගන්නවා.

අපි කලින් ඉඳගෙන උපදෙස් විදුලිබල මණ්ඩලයට අවශ්‍යය ෆර්නස් ඔයිල් සහ නැප්තා ගල් අඟුරු මෙන් ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා නම් මේ යන බිලියන 400 වියදම තව බිලියන 200කින් අඩු කරගන්න පුළුවන්.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් විදුලි බල මණ්ඩලය ෆර්නස් ඔයිල් ලීටරයක් මිලදී ගන්නේ රුපියල් 320කට. නැප්තා ලීටරයක් මිලදී ගන්නේ රුපියල් 160කට. මේ ගෙවන මුදල ඉතාම අධිකයි. තෙල් සංස්ථාව පිළිගෙන තිබෙනවා පෙට්‍රල් ලීටරයකින් රුපියල් 150ක ලාභයක් ලබනවා කියන එක.

අපි සතු තියෙන දත්ත අනුව ෆර්නස් ඔයිල් ලීටරයකින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් 120ක 140ක පමණ ලාභයක් ලබනවා. කොහොම උනත් විදුලි බල මණ්ඩලය තාම අපෙන් ඉල්ලීමක් කරලා නැහැ විදුලි බිල වැඩි කිරීමට. අපි බලාගෙන ඉන්නවා මේ යෝජනාව එනකම් අපේ විසඳුම ලබා දෙන්න.

අපිට තියෙන දත්ත අනුව විදුලි බිල වැඩි කිරීමේ අවශ්‍යතාවක් නෑ කියන තැන අපි ඉන්නේ.”

පසුගිය අගෝස්තු මාසයේ දී 75%ක ගාස්තු වැඩි වීමක් සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිසි ක්‍රමවේදය යටතේ ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දීමට කටයුතු කළා.

ලබන වසරේ ජනවාරි සහ ජුනි මාසවලදී පියවර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආර්ථික ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුවේ දී අවසර ලබාදුන් බව ඊයේ (30) මාධ්‍ය වාර්තා පළ වුණා.

RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...