29.1 C
Colombo
Thursday, April 25, 2024

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිටුපස කිසිදු දේශපාලන කුමන්ත්‍රණයක් නැහැ – මහාචාර්ය රොහාන් ගුණරත්න

- Advertisement -

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිටුපස කිසිදු දේශපාලනික කුමන්ත්‍රණයක් නොමැති බව ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥ මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසනවා.

පෞද්ගලික නාලිකාවක ඉදිරියේ විකාශය වීමට නියමිත වැඩසටහනක පටිගත කිරීමකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබෙනවා.

එහිදි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ සහරාන් හෂීම් ප්‍රහාරයට පෙර දින ප්‍රහාරය පිළිබද හේතු දක්වමින් සිදුකළ පැය 2කට ආසන්න වීඩියෝ පටය සියුම්ව අධ්‍යනය කිරීමේදි මෙම ප්‍රහාරය ආගමික ත්‍රස්තවාදී කණ්ඩායමක ස්වයං අභිප්‍රේරක ප්‍රහාරයක් බව සාක්ෂි සහිතව සනාථ වන බවයි.

මාධ්‍යවේදියා – දැන් තියෙන ප්‍රධාන මාතෘකාව දේශපාලනික පෙළඹවීමක් මේක පිටිපස්සේ තිබ්බා කියලා. පාස්කු කොමිසමේ වාර්ථාවේ විදේශ මැදිහත්වීම් කියන කොටසේ දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා සහ වෙනත් අය කරපු පැමිණිලි කාදිනල් තුමත් එක්ක මේකේ දේශපාලනික කුමන්ත්‍රණයක් තිබ්බද බලන්න?

මහාචාර්ය රොහාන් ගුණරත්න – 

“සහරාන් කියනවා මම මේ ප්‍රහාරය එල්ල කරන්නේ, අල්ලා වෙනුවෙන් සහ අපේ ආගම වෙනුවෙන්.” 

“අල්ලාගේ කැමැත්තෙන්, අපගේ රුධිරයෙන්, අපගේ සුනුවිසුනු වු හිස් කබල්වලින් සහ මස්වලින් ඉස්ලාමීය රාජ්‍යයක් මෙහි ස්ථාපිත වනු ඇත. එනම් ජිහාද් ශුද්ධ වූ යුද්ධයෙන්, අපට ගෞරවයක් ලැබේ. ආයුධ අතට ගැනීමෙන් තමයි අපි උත්තරීතරත්වය ලබාගෙන තිබෙන්නේ. අපි ක්‍රිස්තියානි පල්ලිවලට පහර දෙන්නෙමු. අපි ඔවුන්ව ඉලක්ක කරන්නේ ඇයි කියලා ඔබ දන්නවා ද? නවසීලන්තයේ දී තොපි මුස්ලිම් පල්ලිවල යාඥා කරමින් සිටි අපේ මිනිස්සුන්ව මරා දැමුවා. අල්ලාහ්ගේ නිවසට ඇඟිලි ගැසීමේ සහ අතතැබීමට එරෙහිව පළිගැනීමක් ලෙස, අපි මෙම පල්ලිවලට බෝම්බ හෙළීමෙන් තොපට පාඩමක් උගන්වමු.”

( සහරාන් හෂීම් ප්‍රහාරයට පෙර සිදුකළ ප්‍රහාරයට හේතු දැක්වූ වීඩියෝ පටයේ කොටසක් )

මහාචාර්ය රොහාන් ගුණරත්න  –

“වීඩියෝ එක බලපුවාම තේරෙනවා, මේක මූලධර්මවාදයේ ඉඳලා ඇවිල්ලා තියෙනවා අන්තවාදයට. අන්තවාදයේ සිට ත්‍රස්තවාදයට. මිනිස්සු එක් එක් මත දරනවා. නමුත් අපිට තියෙන සාධක බලන්න ඕනේ. මේ වීඩියෝ එක අනුව සහරාන් විස්තර කරනවා මොකද පල්ලිවලට ගැහුවේ කියලා. එයා පාවිච්චි කරපු ක්‍රම සහ විදි මේවා අන්තවාදය නිසා වෙච්ච ප්‍රහාරයක්. කාටවත් කියන්න බැහැ මේකේ කුමන්ත්‍රණයක් තිබුණා කියලා. මොකද සාක්ෂි දැන් තියෙනවා නේ. වීඩියෝ එක තමයි හොඳම සාක්ෂිය.”

මාධ්‍යවේදියා – මේ ප්‍රහාරය එල්ලවෙලා රිල්වාන්, ශෙයිනි ඇතුළු කණ්ඩායම කාත්තන්කුඩි යනවා. යම් පුද්ගලයෙක් දුරකතන ඇමතුමක් දෙනවා. ඒ පුද්ගලයා කතා කරලා අහනවා ඕගොල්ලෝ ආරක්ෂිත ද කියලා රිල්වාන්ගෙන් ?

මහාචාර්ය රොහාන් ගුණරත්න  – 

“හාදියා කියනවා ඉන්දියානු ජාතිකයෙක් අබුහින්ද් කියලා. රිල්වාන් එක්ක සම්බන්ධකමක් තියෙනවා කියලා ඒක ඇත්ත. අබුහින්ද් කියන්නේ, ඉන්දියානු පොලීසියේ නිලධාරියෙක්. එයා රිල්වාන් එක්ක සම්බන්ධකමක් තිබුණා. ඒකෙන් එයා සහරාන් එක්කත් කතා කරලා තියෙනවා. සහරානුයි රිල්වානුයි හිතන්නේ අබුහින්ද් කියන්නේ ත්‍රස්තවාදියෙක් කියලා. නමුත් අබුහින්ද් කියන්නේ ත්‍රස්තවාදියෙක් නෙමෙයි. ඉන්දියානු පොලීසියෙන් අබුහින්ද් කියන පුද්ගලයාව මෙහෙයවලා තමයි ලංකා රජයට දැනුම් දුන්නේ, ප්‍රහාරයට ඉස්සෙල්ලා අප්‍රේල් 4 දැනුම් දුන්නේ. මේ වගේ කල්ලියක් ඉන්නවා. මේ කට්ටියේ නම් මේ වගේ පාස්කු කියලා ප්‍රහාරයක් එල්ල කරන්න යනවා කියලා.”


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...