27.5 C
Colombo
Wednesday, October 4, 2023

නව ප්‍රභේද වලට බයවෙන්න තරම් කාරණාවක් නැහැ

- Advertisement -

කොවිඩ් නව ප්‍රභේදය සහිත ආසාදිතයින් හඳුනාගෙන තිබුණද රට ලෝක් ඩවුන් කිරීමේ කිසිම අවශ්‍යතාවක් මතු වී නැති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ අද (15) අමාත්‍යංශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

තවදුරටත් මේ පිළිබඳව විමර්ශනය කරමින් පවතින අතර රටක් වැසීමට අවශ්‍යතාවක් නැති අතර ඉතා සීමිත සංඛ්‍යවක් හඳුනා ගෙන තිබෙන බවයි ඇය පවසන්නේ.

මේ වන විට වැදගත් වෙන්නේ අලුත් වෛරසයද පරණ වෛරසයද යන කාරණය නොව මේ පොකුරෙන් පිටතට පැතිරීම වළක්වා ගැනීම බව ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරන ලදී.

ඒ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය, වසංගත විද්‍යා අංශය මෙන්ම ක්ෂේත්‍රයේ සිටින සෞඛ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ සහයෝගයෙන් කටයුතු කරගෙන යන බවයි ඇය පෙන්වා දෙන්නේ.

නව ප්‍රභේදය සහිත හඳුනා ගෙන තිබෙන ආසදිතයින්ගෙන් වැඩි දෙනෙක් විදෙස් රටවල සිට පැමිණ සිටින අය වන අතර ඔවුන්ගෙන් සමාජයට බෝ වීමේ අවදානමක් නැති බවද අමාත්‍යවරිය කියසිටියාය.

”මේක බයවෙන්න තරම් කාරණාවක් නැහැ. අපි අවධානයෙන් ඉන්න නිසා තමයි මේක හොයා ගත්තේ. අපි නිතරම ජනතාවට කිව්වා ඕනෑම වෙලාවක් මේ කොවිඩ් 19 වෛරසය වෙනස් වෙන්න පුළුවන්. අලුත් වර්ග මතුවෙන්න පුළුවන් කියල. හඳුනා ගැනීම ඉතාම සාධනීයයි. මේ හඳුනා ගැනීම කළා කියල රට ලොක් ඩවුන් කිරීම කිසිසේත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මේ ක්ලස්ටර්ස් පාලනය කිරීම ඉතාම වැදගත්. අපිට පේනවා මේ අවදානම ගැන ජනතාවගේ තියෙන බය නැති වෙලා කියලා. ජනතාවගේ අවදානම් හැසිරීම් රටාවන් අපි දකිනවා.

ග්‍රාමීය ජනතාව පමණක් නෙවෙයි අද නාගාරික ජනතාව හෝටල්වල, රාත්‍රියේදී අවදානම් ලෙස ක්‍රියාකාරකම්වල යෙදෙනවා. එකට එකතු වෙලා,මාස්ක් නැහැ,ජනතාව ඒකරාශී වෙනවා. මගුල් ගෙවල් හරහා යම් යම් පොකුරු රට පුරා නිර්මාණය වෙනවා. ඒ නිසා මේ සෙනග රැස්වීම පාලනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩිව තීන්දු ගත්තා. අපි ඉල්ලන්නේ සෙනග එකතු වීම අවම කරන්න.”

කෙසේවෙතත් නව ප්‍රභේදය රට තුළ හඳුනාගැනීමත් සමඟ මාර්ගෝපදේශවල වෙනසක් අවශ්‍ය නොවන අතර දැනට ලබා දී ඇති මාර්ගෝපදේශ නිසිලෙස පිළිපදින ලෙස රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කරයි.

RECENT ARTICLES - SINHALA

රේගුවේ දූෂණය ගැන IMF අප්‍රසාදයෙන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රේගුව පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කර තිබෙන බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා තිබෙනවා. ඔහු තවදුරටත්...

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින්...

ETF, EPF ස්වාධීන මණ්ඩලයක් යටතට

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එක් කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...