28.3 C
Colombo
Tuesday, May 13, 2025

ගෑස් සිලින්ඩරයෙන් කිසිම සහනයක් නැහැ

- Advertisement -

මෙම මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරනවා.

ලාෆ්ස් ගෑස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා සදහන් කළේ මාසික මිල සූත්‍රය අනුව මෙම තීරණය ගත් බවයි.

ගෑස් මිල ඉහළ යෑමේ හැකියාවක් ඇති බවට පැතිර ගිය ආරංචිත් සමග පසුගිය දින කිහිපය පුරාම දිවයින පුරා ගෑස් හිඟයක්ද පැවතුනා.

පාරිභෝගිකයන් චෝදනා කළේ මිල වැඩිකිරීමේ බලාපොරොත්තුවෙන් ගෑස් අලෙවිසැල් ගෑස් සඟවා ඇති බවයි.

කෙසේවෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ සළකුණ වන ගෑස් සිලින්ඩරයෙන් මැතිවරණයට පෙර ජනතාවට කිසිදු සහනයක් නොලැබුණු බවටද ඇතැම් පාර්ශව චෝදනා කරනවා.

මන්ද ජනාධිපතිවරයා සහ මැතිවරණ ප්‍රචාරණයෙහි යෙදෙන පොහොට්ටුවෙන් ජනාධිපතිවරයාට සහය දැක්වීමට පැමිණි පිරිස ගෑස් පෝලිම් අවසන් කිරීම සහ ගෑස් ප්‍රශ්න විසදූ බවට දිගින් දිගටම ප්‍රචාරය කිරීම මීට හේතුවයි.

RECENT ARTICLES - SINHALA

මීටියාගොඩ වෙඩිතැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

මීටියාගොඩ පොලිස් වසමේ තඹහිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27 ක් වන...

කොත්මලේ රෝහල පිරිසිදු කරන්න Clean Sri Lanka එක් වෙයි

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරෙන් තුවාල ලැබූවන් බොහෝ පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබූ කොත්මලේ ප්‍රාදේශීය  රෝහලේ පහසුකම් නැංවීම සහ පවිත්‍රකරණය වෙනුවෙන්...

කෝච්චි 23ක් නැහැ

දුම්රිය 23 ක් අද (13) මේ දක්වා කාලය තුළ අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, රියදුරන් නොමැති වීම හේතුවෙන්. දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ...

POPULAR ARTICLES

මීටියාගොඩ වෙඩිතැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

මීටියාගොඩ පොලිස් වසමේ තඹහිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27 ක් වන...

කොත්මලේ රෝහල පිරිසිදු කරන්න Clean Sri Lanka එක් වෙයි

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරෙන් තුවාල ලැබූවන් බොහෝ පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබූ කොත්මලේ ප්‍රාදේශීය  රෝහලේ පහසුකම් නැංවීම සහ පවිත්‍රකරණය වෙනුවෙන්...

ත්‍රීරෝද රථ දෙකක් එකිනෙක ගැටී 6ක් රෝහලේ

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්ගයට පෙරලීමෙන්...