27 C
Colombo
Wednesday, April 23, 2025

යළි අරගලයකට ඉඩක් නෑ -ආරක්ෂක ලේකම්

- Advertisement -

යළි අරගලයක් ඇතිවීමට ජනාධිපතිවරණයේ ප්‍රථිපල බලපාන බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රචාරයන්හි කිසිදු පදනමක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

ජනාධිපති මාධය කේන්ද්‍රෙය් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

රුසියානු යුද්ධය සඳහා ශ්‍රී ලාංකිකයින් යෑම මේ වනවිට නැවතී ඇති බව ද ආරක්ෂක ලේකම්වරයා එහිදී සඳහන් කළා

අපේක්ෂිත ඡන්ද ප්‍රතිඵලයක් නොමැතිව ලංකාවේ දෙවැනි අරගලයක් ඇති වුවහොත් එය වළක්වාගන්නෙ කෙසේද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු විමසූ විට ඊට අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා,

“ඒ වෙලාවේ ඇති වුණ තත්ත්වය ඉතාම හදිසියේ ඇතිවුණ තත්ත්වයක්. නමුත් අපි සියලුදේ අධ්‍යයනය කළා ඇයි මෙහෙම වුණේ? කොහොම ද මෙහෙම වුණේ ? කවුද මේකට වගකිව යුත්තේ කියන හැමදේම හොයලා ඒවට අවශ්‍ය නිති පියවර අරගෙන තියෙනවා. ඒ නිසා මම හිතන්නේ නෑ ඒ වගේ තත්ත්වයක් ඇති වෙයි කියලා. මොකද ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්න ආවොත් පොලීසිය සැදී පැහැදි ඉන්නවා. පහුවෙලා හරි ආරක්ෂක අංශ විශාල මැදිහත්වීමක් කළ නිසා තමා මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන් වුණේ. නමුත් ඒ වෙද්දිත් විශාල හානියක් වෙලා තිබුණේ. කොහොම වුණත් නැවත එවැනි තත්ත්වයක් ඇති වෙන්න ඉඩක් නෑ.”

RECENT ARTICLES - SINHALA

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

පාසලට ඇතුල්කරන විට වෙන අසාදාරණ අපිට කියන්න-හරිනි

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවා.  පාසලකට ඇතුලත් කිරීමේදී අසාධාරණයක් සිදුවන්නේ නම්...

POPULAR ARTICLES

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

කොළඹ කොටස් වෙළඳපොල පහළට

කොළඹ කොටස් වෙළඳපොල සියලු කොටස් මිල දර්ශකය අද (23) ඒකක 11.87 කින් පහළ වැටුණා. ඒ අනූව ඒකක 15,543.99 ලෙසයි සටහන් වුණේ. මේ හේතුවෙන් වාර්තා වන පිරිවැටුම...