30 C
Colombo
Monday, March 20, 2023

ඉන්ධන හිඟයක් නෑ..! – ඛනිජ තෙල් සංස්ථාව

- Advertisement -

ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් ඇතුළු ඉන්ධන තොග කිසිදු හිඟයකින් තොරව බෙදාහැරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බව එම සංස්ථාව පවසනවා.

සපුගස්කන්ද පිරිපහදුව නැවත ආරම්භ කර ඇති අතර එය අඛණ්ඩව ඉන්ධන නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සංස්ථාව පවසන්නේ.

ඒ අනුව ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් ඇතුළු සියලුම ඉන්ධන සපුගස්කන්ද පිරිපහදුවේ නිෂ්පාදනය කෙරෙන බවත් එමෙන්ම ආනයනික ඉන්ධන කොළොන්නාව සහ මුතුරාජවෙල තොග ගබඩාවල පවතින බවත් එම නිවේදනයේ දැක්වේ.

ඉදිරි ඉන්ධන සැපයුම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු මේ වන විට කෙරෙමින් පවතින අතර ඉන්ධන නොමැති බව පවසමින් ගෙන යන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසත් කිසිදු අනිසි බියක් ඇති කර නොගන්නා ලෙසටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවට දැනුම් දී සිටිනවා.

ඉන්ධන බෙදාහැරීම කඩිනමින් කරමින් පිරවුම්හල්වල තදබදය අවම කිරීමත් ඉන්ධන හිඟයක් නොමැතිව බෙදාහැරීමටත් සංස්ථාව කටයුතු කරමින් සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් දිස්ත්‍රික්ක 3ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ,...

අපි කෘතිම බුද්ධිය ගැනත් පාසල්වල උගන්වනවා – ඇමති සුසිල්

මාර්තු 30 වනදා සිට 01 ශ්‍රේණියේ සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්...

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.