32 C
Colombo
Saturday, April 20, 2024

තෙල් හිඟයක් නෑ – ගම්මන්පිළ

- Advertisement -

තෙල් හිඟයක් නොමැති බවත්, තෙල් මිල ඉහළ දැමීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඒ, ඊයේ (24) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

රැස්වීමෙන් දැක්වූ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,

“එකම ප්‍රශ්නෙනේ හැමදාම අහන්නේ. අපට දෙන්න තියෙන්නේ උත්තරේ තෙල් හිඟයක් නැත. නුදුරු දිනක තෙල් මිල වැඩිකිරීමේ බලාපොරොත්තුවක්ද නැත. ලෝකයේ තෙල් මිල වැඩි නොකළ රටවල් කිහිපයෙන් එකක් බවට පත්කරගෙන, මුළු ලෝකයේම තෙල් මිල වැඩිකරලා තියෙද් දී ලංකාවේ විතරක් අල්ලගෙන ඉන්නේ ජනතාව විඳින දුක අපිත් තේරෙන හින්දා.‍”

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්,

“ප්‍රධාන වශයෙන් ගොවිතැන ආශ්‍රිතව ඇතිවෙලා තියෙන ගැටලුව ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව පෙන්නුවා ජනාධිපතිතුමා බලයට පත්වූ පසු පටන්ගත්ත එකක් මේක නිලධාරීනේගේ අතපසුවීම මක කරගනන් බැරි වූ දෙයක් බව මේකේ අඩුපාඩුකම් ක්‍රමවේදයන්වල ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් එතුමා ඒ ගත්ත ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් අගය කරනවා. එකේ ක්‍රීයාකාරීත්වය ගැන මටත් අඩුපාඩුවක් තියෙනවා.”

RECENT ARTICLES - SINHALA

විදුලිය හා ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

විදුලිය සැපයීමට හෝ ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන බෙදා හැරීමට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර...

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගැන නිවේදනයක්

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් 70% ක් පමණ නිවෙස්වල ආරක්ෂිතව සේවය කරන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා. ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගෙන්...

නැවෙන් එන සංචාරකයින්ට ඔන්ලයින් වීසා

නැව් මාර්ගයෙන් මෙරට සංචාරය කරන මගීන් සඳහාද නව මාර්ගගත(Online) වීසා ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.   එහි අතිරේක පාලක ජනරාල් නිමල් ගුණවර්ධන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...