25 C
Colombo
Saturday, December 9, 2023

සීනි හිඟයක් නැහැ- රංජිත් සියඹලාපිටිය

- Advertisement -

මේ වන විට වෙළඳපොළෙහි සීනි සහ කීරි සම්බා සහල්වල හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

පසුගියදා සීනි සඳහා බදු පැනවීමත් සමග වෙළඳපොළෙහි සීනි මිල ඉහළ ගිය අතර පසුව රජය විසින් සීනි සඳහා පාලන මිලක්ද පනවනු ලැබුවා.

පාරිභෝගික ජනතාව චෝදනා කරන්නේ ප්‍රමාණවත් තරම් වෙළඳපොළෙහි සීනි තොග නොමැති බවයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ රට තුළ සීනි හිඟයක් ඇති වීමට ඉඩකඩක් නොමැති බවයි.

මේ වන විට රට තුළ සීනි මෙට්‍රික් ටොන් 19,000 ක් මේ වනවිට පවතින බව දැරණියගලදී අද (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ හෙට (20) දිනයේදී සීනි ආනයනකරුවන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වන බවයි.

එහිදී සීනි මිල සහ හිඟයට විසදුම් ලැබෙනු ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ කීරි සම්බා හිඟය මගහරවා ගැනීම සඳහා පිටරටින් එම සහල් ගෙන්වීමට කටයුතු කරන බවයි.

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...