27 C
Colombo
Wednesday, April 23, 2025

හෙද වර්ජනයක් නිසා අවුලක්

- Advertisement -

නායයාමේ අවධානමකට ලක්වි ඇති ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය තාවකාලිකව ලිදුල ප්‍රාදේශීය රෝහලේ හෙදි නිල නිවාස වෙත රැගෙන යාමට විරෝධය පළ කරමින් ලිදුල ප්‍රාදේශිය රෝහලේ හෙදියන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය නිති විරෝධි බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂක අසේල පෙරේරා මහතා පවසනවා.

දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂකවරයා ඒ බව කියා සිටියේ (11) දින නුවරඑළිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂක කාර්යාලයේ මාධ්‍ය හමුවක්අමතමින්.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“අපි ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවත්වාගෙන යන ස්ථානය නාය යාමේ අවධානමකට ලක්වෙලා තියෙනවා.

ඒ නිසා තමයි අපි තීරණය කලේ එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ළිඳුල ප්‍රාදේශීය රෝහල වෙත තාවකාලිකව රැගෙන යන්න. ඒ තැනට යන්න කලින් අපි ස්ථාන රැසක් බැලුවා කුලී පදනම මත ලබා ගන්න, ඒ හැම තැනකම මාසික කුලිය අධික නිසා අපි තීරණය කලා ලිදුල ප්‍රාදේශීය රෝහල වෙත සෞඛ්‍ය නිලධාරි කාර්යාලය තාවකාලිකව මාරු කරන්න.

එම නිසා ලිදුල ප්‍රාදේශිය රෝහලේ හෙදියන්‍ භාවිතා නොකරන නිල නිවාසයේ කාමර දෙකක් වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කාර්යාලය වශයෙන් පාවිච්චි කරන්න. එහි මාස දෙකකට කලින් සිටි හෙද නිලධාරිවරියක් ස්ථාන මාරු ලබා යෑමෙන් අනතුරුව එය පාළුවට ගොස් තිබුණු නමුත්, එහි යතුර එම හෙද නිලධාරිනිය විසින් නිල වශයෙන් භාරදී තිබුණේ නැහැ.

අපි ලිඛිතව දැන් ඇයට දන්වා සිටියත් යතුර නිසි ලෙස භාරදිමට කටයුතු කළේ නැහැ, එම කාරණාව සැලකිල්ලට ගනිමින් විශේෂ කණ්ඩායමක් මගින් එම කාමර දෙක ශුද්ධ පවිත්‍ර කර ලබා ගැනීමට කටයුතු කලා. එයට විරෝධය පාමින් හෙද නිලධාරිනියන් සිදු කරන ක්‍රියා කලාපය අප පිළිගන්නේ නැහැ, එයට අපේ විරෝධතාවය ප්‍රකාශ කරන බව පැවසුවා.”

මේ සම්බන්ධයෙන් ලිදුල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂකවරයා සහ ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රිෂ්නි මහත්මිය කියා සිටියේ, නිසි ක්‍රමවේදයන්අ නුගමනය කරමින් සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂවරයාගේ උපදෙස් පරිදි තමන් කටයුතු කළද එයට විරෝධය පාමින් හෙද නිලධාරීන් සිදු කරනු ලබන වැඩ වර්ජන නීති විරෝධී බවයි.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES