30 C
Colombo
Thursday, June 8, 2023

ගුරුවරුන් අතර නව කොවිඩ් වෛරසය ඇතුළත් පොකුරක් ඇතිවිය හැකියි – චන්න ජයසුමන

- Advertisement -

සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා උද්ඝෝෂණය කරන ගුරුවරුන් අතර නව කොවිඩ්-19 පොකුරක් ඇතිවීමේ හැකියාවක් පවතින බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

මහාචාර්ය ජයසුමන මහතා පවසා ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවක මෙම උද්ඝෝෂණ රැල්ල අනුමත කළ නොහැකි බවයි.

ගුරුවරුන් මෙසේ උද්ඝෝෂණය කරනු ලබන්නේ සම්පූර්ණයෙන්ම එන්නත ලබා දී නොමැති වාතාවරණයක බවයි ඔහු සදහන් කරන්නේ.

ඔවුන් අතර කොවිඩ්-19 පොකුරක් මතුවීම මුළුමනින්ම බැහැර කළ නොහැකි බවට විශේෂඥයින් විසින් ද පසුගිය දා අනතුරු ඇඟවීම් සිදු කර තිබූ බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පවසන්නේ ගුරුවරුන්ට ඔවුන්ගේ වෘත්තීය සමිති අයිතිවාසිකම් හිමි වන නමුත් කොවිඩ්-19 දරුණු ලෙස පැතිරී යන තත්ත්වයක රට පුරා උද්ඝෝෂණ පැවැත්වීම ඔවුන් අතර රෝගය පැතිරීමට හේතු විය හැකි බවයි.

කෙසේ වෙතත් පසුගියදා පැවති කතරගම පෙරහැරත් සමඟ කතරගමට දැවැන්ත බැතිමතුන් පිරිසක් සහභාගීවී සිටියා.

පෙරහැර අවසන්වීමෙන් අනතුරුව පැවති දියකැපීමේ මංගල්‍යයද ඉන්දියාවේ කුම්භමේලා සැණකෙළිය සිහිපත් කෙරෙන ආකාරයෙන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සංවිධායකයන් කටයුතු කර තිබුණා.

එම අවස්ථාවට ආරක්ෂක අංශද සහභාගීවී සිටීම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

යුරියා පොහොර මිල ගැන කෘෂිකර්ම ඇමති තීරණයක් ගනී

රුපියල් 9000ක මිලකට ගොවීන්ට යුරියා ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ...

පුත්තලමේ කපුටන් රැසක් මියගිහින්

පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මිය යමින් සිටින බව වාර්තා වනවා. පුත්තලම...

ජාතික ජනබලවේගයේ උද්ඝෝෂණය ඇරඹෙයි

ජාතික ජනබලවේගය රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට දී සංවිධානය කළ උද්ඝෝෂනය මේ වන විට ආරම්භ වී තිබෙනවා. පළාත් පාලන...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...