32 C
Colombo
Friday, March 31, 2023

මන්දිරවලට හානි කළැයි හිමිනමක් ඇතුළු 8ක් අත්අඩංගුවට

- Advertisement -

අරලියගහ මන්දිරයට සහ ජනාධිපති කාර්යාලයට ඇතුළු වී දේපළ සොරකම් කිරිම ඇතුළු අමාත්‍යවරුන්ගේ නිවාසවලට ගිනිතැබීමේ සිද්ධීන් සම්බන්ධයෙන් හිමිනමක් ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මස 09 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වී දේපළ හානි සිදුකිරීමේ සිද්ධීන්ට අදාළව අවශ්‍ය සිටි හිමිනමක් ඇතුළු තිදෙනෙකු කොළඹ වරාය නගර වැඩබිමේ දි මෙන්ම පොතුහැර සහ නුගේගොඩ යන ප්‍රදේශ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් කොළඹ වරාය නගර වැඩබිමේ 26 හැවිරිදි සේවකයා ඕපනායක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර 24 හැවිරිදි හිමිනම පොතුහැර ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩසිටිනවා. සැකකාර 53 හැවිරිදි කාන්තාව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ගොතටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම, අරලියගහ මන්දිරයට ඇතුළු වී දේපළ සොරකම් කිරීමකට අදාළව 60 හැවිරිදි පුද්ගලයෙකු වැලිකඩ බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සතුව තිබි අරලියගහ මන්දිරයෙන් සොරකම් කරන ලද පිත්තල සැරසිලි කැබලි 07ක් සහ විශාල ප්‍රමාණයේ ගමන් බෑගයක් සොයාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...