32 C
Colombo
Friday, March 29, 2024

රටට හෙණ ගැහුවත් හිතවත් ව්‍යාපාරිකයන් සතුටු කිරීමේ ප්‍රතිඵල තමයි මේ

- Advertisement -

ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීමට රජය අපොහොසත් වීම හේතුවෙන් තමාට ඉදිරියේදී ගමටවත් යාගත නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකි බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙනවා.

ඒ, ඊයේ පැවති හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 21 වැනි ගුණානුස්මරණ උත්සවයට සහභාගී වෙමින්.

මෑත ඉතිහාසයේ මෙරට ගොවියා මුහුණ දෙන දැවැන්තම ඛේදවාචකය පොහොර අර්බුදයට බවත් අද වනවිට ගොවීන් දැඩි පීඩනයට ලක්ව සිටින බවත් ඒ මහතා පවසනවා.

“අද කෘෂිකර්මාන්තය දැවැන්ත අවුලක. ගොවියා යන එන මං නැති තත්වයට වැටිලා. මම හිතන්නේ මෑත ඉතිහාසයේ කෘෂිකර්මාන්තයේ ලොකුම ඛේදවාචකය මේ දැන් සිදුවෙමින් පවතිනවා. තව ටිකදවසක් යනකොට මටත් පොළොන්නරු යන්න වෙයිද දන්නෑ. ඒ තැනට ගොවීන් ආවේගශීලී වෙලා.

මේ ඩොලර් ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විදේශ වත්කම් වැරදි කළමනාකරණය නිසා. තමන්ගේ හිතවතුන්, නොයෙකුත් ව්‍යාපාර කරන අය සතුටු කරන්න, රටට හෙන ගැහුවත් කමක් නෑ කියලා විදේශ වත්කම් කාබාසිනියා කිරීම 77′ ඉඳන් විවෘත ආර්ථිකයේ අතුරු ප්‍රතිඵල තමයි අද මේ විඳින්නේ මේ රටේ ජනතාව.” යැයි ඒ මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

P.H.I ඝාතන විමර්ශන CIDයට

ඇල්පිටිය ප්‍රදේශයේදී PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව...

රුසියානු – යුක්රේන යුද්ධයෙන් මියයන ශ්‍රී ලාංකික සෙබලුන් ගැන වාර්තාවක්

රුසියානු – යුක්රේන යුද්ධය අතරතුර ශ්‍රී ලාංකික සෙබළුන් 5 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. එම වාර්තාවල සඳහන්...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...